උසස් පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රය පිටවීම ගැන පරීක්ෂණ CIDයට

උසස් පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්නපත්‍රය පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇත.

පසුගිය 10 වැනිදා එම ප්‍රශ්න පත්‍රය පිට වූ බව තහවුරුවීමත් සමග එම ප්‍රශ්නපත්‍රය අවලංගු කර නැවත විභාගය පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

මෙවර කෘෂි විද්‍යාව ප්‍රශ්නපත්‍රය සඳහා අයදුම්කරුවෝ පහළොස් දහසක පමණ පිරිසක් පෙනී සිටියහ.

දෙපාර්තමේන්තු ඉතිහාසයේ විභාග ප්‍රශ්න පත්‍රයක් පිට වූ ප්‍රථම අවස්ථාව මෙය වෙයි. මින් පෙර ප්‍රශ්න පමණක් පිටවීමේ සිද්ධීන් වාර්තා වී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?