61 හැවිරිදි කාන්තාවක මහනුවර පෞද්ගලික රෝහලකදී උදරය විශාල ලෙස ඉදිරියට නෙරා තිබීම හේතුවෙන් සැත්කමට ලක් කර ඇගේ උදරයෙන් තෙල් (Fat) ලීටර් 13.5ක් ඉවත් කර තිබේ.
විශේෂඥ ශල්‍ය වෛද්‍ය ජයවර්ධන මහතා පැවසුවේ මේ කාන්තාවගේ උදර කුහරයේ තිබූ තෙල් ඉවත් කිරීමේ සැත්කමට පැය තුනක පමණ කාලයක් ගත වූ බවයි
සැත්කමට ලක් වූ විශ්‍රාමික ගුරුවරියක් වන 61 හැවිරිදි කාන්තාව එක්දරු මවක් බවත් ඇය කිසිදු සංකුලතාවකින් තොරව සුවෙන් පසුවන බවත් වෛද්‍යවරයා කීය.
මේ ආකාර සැත්කමකින් සාමාන්‍යයෙන් ඉවත් කරනු ලබන්නේ තෙල් ලීටර් 4-5 අතර ප්‍රමාණයක් බවත් මෙතරම් විශාල තෙල් ප්‍රමාණයක් ඉවත් කිරීමේ සැත්කමක් මෙරට පමණක් නොව ලොව වෙනත් රටක හෝ සිදුව ඇති බවක් වාර්තා වී නොමැති බවත් විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේය.
අධි රුධිර පීඩනය, අධික තරබාරුව, කොන්දේ වේදනාව හා ඇවිදීමට අපහසු වීම වැනි රෝග තත්ත්ව හේතුවෙන් ඇය දැඩි පීඩාකාරි ජීවිතයක් ගත කරමින් සිට ඇත.
මෙයට තෙමසකට පෙර විශේෂඥ වෛද්‍ය ජයවර්ධන මහතා හමුවට පැමිණ තිබෙන ඇය ස්ථුල භාවය අඩු කරන (Bariatric surgery) සැත්කමකට ලක් කරනු ලැබ තිබේ. ඉන් පසු ඇයගේ ශරීරයේ බර ශීඝ්‍රයෙන් අඩු වීම නිසා පහසුවෙන් ඇවිදීමට හැකි තත්ත්වයක් ඇති වූ බවත් වෛද්‍යවරයා කීය.
සැත්කමෙන් පසුද උදරය තව දුරටත් ඉදිරියට නෙරා එමින් විශාල වීම නිසා උදර කුහරයේ තෙල් ඉවත් කිරීම සඳහා ඊයේ (12) අදාළ සැත්කම සිදු කිරීමට පියවර ගත් බවද ඔහු පැවසීය.
