කේරළ ගංජා කිලෝග්රැම් 90 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

යාපනය,උරුම්පිරායි ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්රැම් 90 ක් සමඟ සැකකරුවෙකු ඊයේ(10) අත්අඩංගුවට ගත් බව යාපනය කෝපායි පොලිසිය පවසයි.

පොලිසිය පැවසූවේ යුධ හමුදා බුද්ධි තොරතුරකට යාපනය පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් විසින් ගංජා තොගය හා සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

සැකකරු ඉන්දියාවේ සිට බෝට්ටු මඟින් ගෙනා කේරළ ගංජා තොගයක් ජාවාරම්කරුවෙකුට ලබාදීමට සුදානම් කොට තිබියදී අත්අඩංගුවට ගැනීම සිදුකොට ඇති බවද පොලිසිය පැවසීය.

සැකකරු යාපනය ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, සැකකරු හා අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගය යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගය රුපියල් කෝටි දෙකක පමණ වටිනාකමින් යුතු වන බවද ආරක්ෂක අංශ පවසති.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය කෝපායි පොලිසිය හා යාපනය පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !