ක්‍රීඩා ඇමති සහ ICC ප්‍රධාන විධායක නිලධාරීවරයා අතර හමුවක්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) ප්‍රධාන විධායක නිලධාරී Geoff Allardice සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු අතර හමුවක් සිදුවී තිබෙනවා.

Geoff Allardice ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ ICC විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පනවා ඇති තහනම හේතුවෙන්.

Geoff Allardice අද ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු හමුවූ අතර, එහිදී ICC තහනම ඉවත් කිරීමේ හැකියාව පිළිබඳව සාකච්ඡාවක් සිදු වී තිබෙනවා.

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කළේ ICC ප්‍රධාන විධායක නිලධාරීවරයා සමඟ ඵලදායි සාකච්ඡාවක් සිදු වූ අතර එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට්හි ඉදිරි ගමන පිළිබඳව ද අවධානය යොමු වූ බවයි.

ICC ප්‍රධාන විධායක නිලධාරියා ද අද පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවීමට නියමිත බව ක්‍රීඩා අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14