දෙනෝදාහක් ඉදිරියේ ගුවන්සේවා නිලධාරිනිය අවසන් ගමන් යවයි

කහතුඩුව අධිවේගී පිවිසුම අසලදී මෝටර් රථයෙන් පැමිණි සාහසිකයකු ගුවන් සේවා නිලධාරිනියකගේ ගෙල කපා ඝාතනය කර පලා ගොස් ඇතැයි කහතුඩුව පොලිසිය පවසයි.

පිළියන්දල මඩපාත ජබුරලිය පදිංචිව සිටි මාපිටියගේ දුලාංජලී අනුරුද්දිකා නමැති 42 එක්දරු මවක් මෙලෙස ඝාතනයට ලක්ව තිබේ.

සිවිල් ගුවන් සේවා අධිකාරියේ රැකියාව නිමවා කාර්යාල සේවා බස් රථයෙන් පැමිණ කහතුඩුව අධිවේගී පිවිසුමෙන් හොරණ කොළඹ මාර්ගයට පැමිණෙමින් සිටියදී මෝටර් රථයකින් පැමිණි පුද්ගලයකු විසින් කඩුවකින් ගෙලට පහරදී පලා ගොස් ඇතැයි පොලිසිය පැවසීය.

බරපතළ තුවාල ලද ඇය වෑතර රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
6
+1
1
+1
8
+1
12
+1
5
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?