ඉදිරි පැය 12 තුළ පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් (වීඩියෝ)

ඉදිරි පැය 12 තුළ දිවයින පුරා පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම ප්‍රදේශ කිහිපයක් සඳහා මිලි මීටර් 100 ඉක්මවූ තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදන ද නිකුත් කෙරුණා.

දිවයිනට දකුණු දෙසින් පහළ වායුගෝලයේ පවතින කැළඹිලි සහිත ස්වාභය හේතුවෙන් හෙට උදෑසන තෙක් වර්ෂාපතනයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා.

ඒ අනුව ඌව , නැගෙනහිර සහ මධ්‍යම පළාත්වලත් පොළොන්නරුව, හම්බන්තොට සහ මුලතිව් දිස්ත්‍රික්ක සඳහාත් තද වැසි පිලිබඳ අවවාදාත්මක නිවේදන නිකුත් කර තිබෙනවා.

එම ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.

මේ අතර වර්ෂාපතනය වැඩිවීම හේතුවෙන් හුරුලු වැව, අලුත් දිවුල්වැව, කිවුලේකට වැව හා මානම්කට්ටිය වැව යන
ප්‍රධාන වැව් හා කුඩා වැව් රැසක වාන් දොරටු යළි විවෘත කර තිබෙනවා.

අඛණ්ඩව 10වන දිනටත් හුරුලුවැව වාන් දමන අතර ඉන් තත්ත්පරයට ඝණ අඩි 206ක ජල ධාරිතාවක් යාන් ඔයට මුදාහැරෙනවා.

අලුත් දිවුල්වැව ජලාශයද අද උදෑසන වාන් දැමීම ආරම්භ වූ අතර එහි ජලය ද මුදා හැරෙන්නේ යාන් ඔයටයි.

කවුඩුල්ල ජලාශයේ වාන් දොරටු 06ක් අගල් 09 බැගින් අද දහවල් විවෘත කෙරුණා.

ඉන් තත්පරයට ඝන අඩි 1350ක ජල ධාරිතාවක් කහඹිලියා ඔයට මුදාහැරෙන බැවින් ඔය පරිහරණය කරන ජනතාව වඩා සැලකිලිමත් වන ලෙස වාරි මාර්ග නිළධාරීන් දැනුම් දෙනවා.

ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් නාච්චදූව වැවේ වාන් දොරටු 04ක් අද විවෘත කෙරුණා.

මේ වන විට නාච්චාදූව වැවෙන් මල්වතු ඔයට මුදාහැරෙන ජල ධාරිතාව තත්ත්පරයට ඝණ අඩි 734ක්.

මහියංගනය සොරබොරවැව පිටාර ගැලීමෙන් ප්‍රදේශයේ නිවාස 23ක් මේ වන විට ජලයෙන් යටව පවතිනවා. ජල ගැලීම් හේතුවෙන් ප්‍රදේශයේ ගමනාගමනයටද බාධා එල්ල වුණා.

කොළඹ කතරගම මාර්ගය හම්බන්තොට වැලිගත්ත ප්‍රදේශයෙන් ජලයෙන් යටවී ඇති අතර මේ වන විට සැහැල්ල වාහන ධාවනය සම්පූර්ණයෙන්ම නතර කර තිබෙනවා.

පසුගිය ඔක්තෝබර් 15 වැනිදා බණ්ඩාරවෙල බදුල්ල මාර්ගයේ තංතිරිය ප්‍රදේශයේ පස් කන්දක් කඩා වැටීමෙන් ගොඩනැගිල්ලක් හා එම ස්ථානයේ තිබු වාහන 3ක් යට වුණා.

එහි ඉතිරි කොටස ද පවතින වර්ෂාව හේතුවෙන් ඊයේ දහවල් නාය ගිය අතර පස් කන්දට යටවූ වාහන තවමත් පිටතට ගැනීමට නොහැකිව එලෙසම පවතිනවා.

නැගෙනහිර පළාතට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් මුහුදේ දැඩි කැළඹිලි ස්වභාවයක් දැකගත හැකි බව අප වාර්තාකරු සඳහන් කළා.

ධීවරයින්ට මුහුදට නොයන ලෙස දන්වා ඇති පසුබිමක මුහුදු ගිය ධීවරයෙකුගේ බෝට්ටුවක් අනතුරට පත්ව තිබෙනවා. අනතුරින් දිවි බේරා ගැනීමට ධීවරයා සමත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
1
+1
1
+1
6
+1
3
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය
00:09
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය..ආරක්ෂකයෙක් ඉක්මනින් බේරගත් හැටි
00:32
Video thumbnail
තොරතුරු එළියට ගියොත් එයාලා පිටත්වෙන නිසා රහස්‍යතාවයෙන් වැඩ කළේ
02:25
Video thumbnail
හැකර්ලා ඇවිත් ඩොලර් මිලියන 2.5ට ෂොට් එක දුන්න හැටි හෙළිවෙයි..Cyber Attack එක ඊට කලිනුත් වෙලා තියෙනවා
04:38
Video thumbnail
ප්‍රධාන පෙළේ හෝටලයකදී, කැබිනට් ඇමති කෙනෙක් කරපු කැත වැඩේ..රාජිත සියල්ල එළියට දායි
01:03
Video thumbnail
රාජිත - ලාල්කාන්තට කට උත්තර නැතිවෙන්න අමතයි..කීර්තිනාමය තියෙනවා කියලා ඔප්පු කරන්න ඕනි
05:07
Video thumbnail
Hacker කෙනෙක් අතට ගියා කියන එක හිතාගන්න බෑ..ලෝකයේ පළමු වතාවට මෙහෙම වෙලා තියෙන්නේ
06:32
Video thumbnail
අනුන්ගේ ගෙයක් මැදින් පාරක් ඉල්ලලා සත්තම දාන ඇල්ලේ මන්ත්‍රීතුමිය..තෝ දැනගනින් ලේසියෙන් අත්හරින්නේ නෑ
02:36
Video thumbnail
හොරකමෙත් වෙනසක් වෙලා..මහ බැංකුවට ෂොට් එක දුන්නේ පළවෙනි පාර..
04:24
Video thumbnail
විපක්ෂයට දැන් සයිබර් ප්‍රහාරයක් ඇවිත්..නාන්නේ නැති නායකයෙක් හොයාගන්න වෙලා l Eranga Gunasekara
02:03