AFC Banner
Empty Ad
Empty Ad

ඉදිරි පැය 12 තුළ පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් (වීඩියෝ)

ඉදිරි පැය 12 තුළ දිවයින පුරා පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම ප්‍රදේශ කිහිපයක් සඳහා මිලි මීටර් 100 ඉක්මවූ තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදන ද නිකුත් කෙරුණා.

දිවයිනට දකුණු දෙසින් පහළ වායුගෝලයේ පවතින කැළඹිලි සහිත ස්වාභය හේතුවෙන් හෙට උදෑසන තෙක් වර්ෂාපතනයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා.

ඒ අනුව ඌව , නැගෙනහිර සහ මධ්‍යම පළාත්වලත් පොළොන්නරුව, හම්බන්තොට සහ මුලතිව් දිස්ත්‍රික්ක සඳහාත් තද වැසි පිලිබඳ අවවාදාත්මක නිවේදන නිකුත් කර තිබෙනවා.

එම ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.

මේ අතර වර්ෂාපතනය වැඩිවීම හේතුවෙන් හුරුලු වැව, අලුත් දිවුල්වැව, කිවුලේකට වැව හා මානම්කට්ටිය වැව යන
ප්‍රධාන වැව් හා කුඩා වැව් රැසක වාන් දොරටු යළි විවෘත කර තිබෙනවා.

අඛණ්ඩව 10වන දිනටත් හුරුලුවැව වාන් දමන අතර ඉන් තත්ත්පරයට ඝණ අඩි 206ක ජල ධාරිතාවක් යාන් ඔයට මුදාහැරෙනවා.

අලුත් දිවුල්වැව ජලාශයද අද උදෑසන වාන් දැමීම ආරම්භ වූ අතර එහි ජලය ද මුදා හැරෙන්නේ යාන් ඔයටයි.

කවුඩුල්ල ජලාශයේ වාන් දොරටු 06ක් අගල් 09 බැගින් අද දහවල් විවෘත කෙරුණා.

ඉන් තත්පරයට ඝන අඩි 1350ක ජල ධාරිතාවක් කහඹිලියා ඔයට මුදාහැරෙන බැවින් ඔය පරිහරණය කරන ජනතාව වඩා සැලකිලිමත් වන ලෙස වාරි මාර්ග නිළධාරීන් දැනුම් දෙනවා.

ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් නාච්චදූව වැවේ වාන් දොරටු 04ක් අද විවෘත කෙරුණා.

මේ වන විට නාච්චාදූව වැවෙන් මල්වතු ඔයට මුදාහැරෙන ජල ධාරිතාව තත්ත්පරයට ඝණ අඩි 734ක්.

මහියංගනය සොරබොරවැව පිටාර ගැලීමෙන් ප්‍රදේශයේ නිවාස 23ක් මේ වන විට ජලයෙන් යටව පවතිනවා. ජල ගැලීම් හේතුවෙන් ප්‍රදේශයේ ගමනාගමනයටද බාධා එල්ල වුණා.

කොළඹ කතරගම මාර්ගය හම්බන්තොට වැලිගත්ත ප්‍රදේශයෙන් ජලයෙන් යටවී ඇති අතර මේ වන විට සැහැල්ල වාහන ධාවනය සම්පූර්ණයෙන්ම නතර කර තිබෙනවා.

පසුගිය ඔක්තෝබර් 15 වැනිදා බණ්ඩාරවෙල බදුල්ල මාර්ගයේ තංතිරිය ප්‍රදේශයේ පස් කන්දක් කඩා වැටීමෙන් ගොඩනැගිල්ලක් හා එම ස්ථානයේ තිබු වාහන 3ක් යට වුණා.

එහි ඉතිරි කොටස ද පවතින වර්ෂාව හේතුවෙන් ඊයේ දහවල් නාය ගිය අතර පස් කන්දට යටවූ වාහන තවමත් පිටතට ගැනීමට නොහැකිව එලෙසම පවතිනවා.

නැගෙනහිර පළාතට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් මුහුදේ දැඩි කැළඹිලි ස්වභාවයක් දැකගත හැකි බව අප වාර්තාකරු සඳහන් කළා.

ධීවරයින්ට මුහුදට නොයන ලෙස දන්වා ඇති පසුබිමක මුහුදු ගිය ධීවරයෙකුගේ බෝට්ටුවක් අනතුරට පත්ව තිබෙනවා. අනතුරින් දිවි බේරා ගැනීමට ධීවරයා සමත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
1
+1
1
+1
6
+1
3
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහනවුරට ආපු AKD කැට තියලා කිව්ව කතාව - "මාලිමාවේ ජයග්‍රහණය ස්තීර වෙමින් යනවා"
10:49
Video thumbnail
සරත් ෆෝන්සේකා අදත් වේදිකාවේ තනිවෙයි #sarathfonseka
00:52
Video thumbnail
දෙවුන්දර තුඩුවේ ඉඳන් පේදුරු තුඩුවට දැන් - සජිත්...සජිත්...සජිත්...සජිත්...
01:49
Video thumbnail
දැන් එයාම දොර ඇරගෙන තනියෙන්ම එනවා - ගැම්මෙන් ආපු නාමල් - කට්ටිය දැකලා මූණ දෙක වෙයි
00:59
Video thumbnail
රනිල්ගේ අනුරගේ හොරා පොලිස් සෙල්ලම එළියට #ranilwickremesinghe #sajithpremadasa #akd
02:17
Video thumbnail
මරික්කාර්ගෙන් පොරොන්දු වැස්සක් #sajithpremadasa #sjb
01:12
Video thumbnail
තිස්ස කියන්නේ මේ ඇත්තමද? - බුද්ධියෙන් හිතන ඔබට බාරයි 21 පිළිතුරු දෙන්න...
02:15
Video thumbnail
ලාල්කාන්ත හිටිහැටියේ කතාව නවත්වයි - මෙන්න සිදුවුණ දේ - අදහගන්නත් බෑ#npp #lalkantha
02:20
Video thumbnail
AKD පිළිගන්න මහනුවරට ආපු සුනාමිය - මේ Musical Show එකක් නෙවෙයි#anurakumaradissanayake
02:23
Video thumbnail
කාට කාටද ඡන්දෙ දාන්න පුළුවන්
04:08

?