ගංජා රැගෙන ආ බ්‍රිතාන්‍ය ජාතිකයෙක් කටුනායකදී අත්අඩංගුවට

ගංජා තොගයක් රැගෙන පැමිණෙමින් සිටි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

53 හැවිරිදි මෙම පුද්ගලයා ඊයේ (08) පස්වරු 01.30ට ලන්ඩන් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL- 504 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔහු රැගෙන ආ ගමන් මලු තුළ සකස් කරන ලද ගංජා ග්‍රෑම් 40ක් සහ ගංජා ඇට 58ක් ඇසුරුම් 08ක් තුළ අසුරා ගෙන පැමිණෙමින් සිටියදී මෙලෙස අත් අඩංගුවට පත්වී තිබෙනවා.

මෙම බ්‍රිතාන්‍ය ජාතිකයා ලබන මාර්තු මාසය තෙක් ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට බලාපොරොත්තු වන අතර මෙම ගංජා ඇට වගා කර පානය කිරීම සඳහා රැගෙන ආ බවටයි සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය කර ගෙන ඇත්තේ.

පසුගිය වසරේ ද මෙම බ්‍රිතාන්‍ය ජාතිකයා ශ්‍රී ලංකාවට පැමිණ තංගල්ල ප්‍රදේශයේ රැදී සිටිය දී “කුෂ්” ගංජා ග්‍රෑම් 700කට අධික ප්‍රමාණයක් සමග පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තංගල්ල අධිකරණයට ඉදිරිපත් කර වැරදිකරු වී දඩ මුදලක් ද ගෙවා නිදහස් වූ පුද්ගලයෙකු බව සඳහන්.

සැකකාර බ්‍රිතාන්‍ය ජාතිකයා අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
2
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13


?