ගංජා රැගෙන ආ බ්‍රිතාන්‍ය ජාතිකයෙක් කටුනායකදී අත්අඩංගුවට

ගංජා තොගයක් රැගෙන පැමිණෙමින් සිටි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

53 හැවිරිදි මෙම පුද්ගලයා ඊයේ (08) පස්වරු 01.30ට ලන්ඩන් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL- 504 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔහු රැගෙන ආ ගමන් මලු තුළ සකස් කරන ලද ගංජා ග්‍රෑම් 40ක් සහ ගංජා ඇට 58ක් ඇසුරුම් 08ක් තුළ අසුරා ගෙන පැමිණෙමින් සිටියදී මෙලෙස අත් අඩංගුවට පත්වී තිබෙනවා.

මෙම බ්‍රිතාන්‍ය ජාතිකයා ලබන මාර්තු මාසය තෙක් ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට බලාපොරොත්තු වන අතර මෙම ගංජා ඇට වගා කර පානය කිරීම සඳහා රැගෙන ආ බවටයි සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය කර ගෙන ඇත්තේ.

පසුගිය වසරේ ද මෙම බ්‍රිතාන්‍ය ජාතිකයා ශ්‍රී ලංකාවට පැමිණ තංගල්ල ප්‍රදේශයේ රැදී සිටිය දී “කුෂ්” ගංජා ග්‍රෑම් 700කට අධික ප්‍රමාණයක් සමග පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තංගල්ල අධිකරණයට ඉදිරිපත් කර වැරදිකරු වී දඩ මුදලක් ද ගෙවා නිදහස් වූ පුද්ගලයෙකු බව සඳහන්.

සැකකාර බ්‍රිතාන්‍ය ජාතිකයා අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
2
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සහල්වලින් බියර් හදනවා කිව්ව දේට කැබිනට් හමුව උණුසුම් වෙයි - අදහසක් පදනම් කරගෙන කියන්න ඇත්තේ
02:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
03:04
Video thumbnail
ජනපතිගේ ප්‍රංශ සංචාරයට මොකද වුණේ ? වීසා ප්‍රතික්ෂේප කරලද ?
01:32
Video thumbnail
ප්‍රභූ ආරක්ෂාව ගැන ඇමති නලින්දගෙන් හෙළිදරව්වක් - සමහර විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට තියෙනවා
02:09
Video thumbnail
ගේ ඇතුලේ ඇඳ යට නිධන් හාරලා - බලද්දී ඇතුලේ තිබ්බ දේ..
02:14
Video thumbnail
බිත්තර, මස් මිල ඉහළ යයිද ?බඩ ඉරිඟු නැතිවුණොත් සත්ත්ව ආහාර නිෂ්පාදනය නවතිනවා
11:33
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:31
Video thumbnail
ප්‍රසන්න රණතුංගට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවතට - ගැම්මට හිනාවෙලා යන හැටි
01:23
Video thumbnail
පොඩි පොඩි අඩුපාඩුකම් තිබ්බත් අපේ පාර්ලිමේන්තුව ගොඩාක් හොඳයි
03:46
Video thumbnail
කුපිත වුණ රාජාංගනයේ ගොවියන් මහ පාරට බහියි - මේ බාල පොහොර තනිකරම ජරා ගොඩක්
04:52