දෙවන එක්දින තරගය අද – අදත් වැස්ස හරස්වෙන ලකුණු

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම් සහ ශ්‍රී ලංකාව අතර දෙවන එක්දින තරගය අද (08) පැවැත්වීමට නියමිතයි.

දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය අද පස්වරු 2.30ට ආරම්භ කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

දෙරට අතර පෙරේදා (06) පැවති තරගයේ සිම්බාබ්වේ පිළිතුරු ඉනිමට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් අතහැර දැමීමටයි සිදු වුණේ.

මේ අතර අද තරගයටත් වර්ෂාවෙන් බාධා එල්ලවීමේ වැඩි ඉඩකඩක් පවතින බවයි පුරෝකථනය කර ඇත්තේ.

අද තරගය සඳහා බොහෝ දුරට පළමු තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ම ක්‍රීඩා කිරීමේ වැඩි අවස්ථාවක් පවතින බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
2
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?