ත්‍රී රෝද රථයක් සැඩ පහරකට හසුවී රියදුරා අතුරුදන්

උල්හිටිය රත්කිඳ මාර්ගයේ උල්හිටිය ජලාශයේ පිටවාන හරහා ගමන් කළ ත්‍රී රෝද රථයක් එහි රියදුරු සමග අද (07) අළුයම 12.30ට පමණ සැඩ පහරට හසුව ගසාගෙන යාමෙන් එහි රියදුරු අතුරුදන්ව තිබෙනවා.

මෙලෙස අතුරුදහන් ව ඇත්තේ ගිරාඳුරුකෝට්ටේ තේක්කවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 28 හැවිරිදි තරුණයෙක්.

ඔහු තවත් අයෙකු සමග අද අලුයම ත්‍රී රෝද රථයෙන් උල්හිටිය රත්කිද මාර්ගයේ පිටවාන පිහිටි ප්‍රදේශය හරහා ගමන් කරමින් සිටියදීයි මෙලෙස සැඩ ජල පහරකට හසුව ගසාගෙන ගොස් ඇත්තේ.

මෙම අතුරුදන්වීම සම්බන්ධයෙන් එම රථයේ පිටුපස පැමිණි තරුණයා ගිරාඳුරුකෝට්ටේ පොලිසියට හා ජලාශය භාර නිලධාරීන්ට දැනුම්දීමක් කර තිබෙනවා.

ඒ අවස්ථාව වන විට උල්හිටිය රත්කිඳ නිවුන් ජලාශයේ වාන් දොරටු 7ම විවෘත කර තිබී ඇති බව ද සඳහන්.

අතුරුදන් වූ තරුණයා සොයා ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව මේ වන විට මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හැමදාම අපි හිටියේ නිවැරදි තැන - ශිරානි අගවිනිසුරුතුමිය ගෙදර යවන්න යද්දි අපි විරුද්ධ වුණා
01:08
Video thumbnail
159ය හිතන්න පුළුවන් පාර්ලිමේන්තුවේ දිනන්න පුළුවන් කියලා - ජන බලයෙන් මේ පාලනය අපි ගෙදර යවනවා
00:55
Video thumbnail
රටට තියෙන එකම විකල්පය සජබය - කල හැකි හැමදේම අදත් කරනවා හෙටත් කරනවා
01:47
Video thumbnail
සිපිරිගෙයට ගිය නාමල් ගැන ඇමති නලින්ද කට අරියි - අපරාධය කරපු අය තමයි දන්නේ සම්බන්ධය
01:59
Video thumbnail
එයාර් බස් ගනුදෙනුවට සම්බන්ධ යැයි කියන නාමල්ගේ නඩු විභාගය සිදුවුණු හැටි - මුදල් දුන් බවට සාක්ෂි නැ
05:17
Video thumbnail
2029 ජනපති නාමල් රාජපක්ෂ..ඒක හදවතින් කියන්නේ - "හිරේ දාලා පොඩි චූන් එකක් ගනිල්ලා"
00:34
Video thumbnail
නාමල් වෙනුවෙන් පෙරට ආ මිනිස්සු - "අපේ සිංහ පැටියා ඇතුළට දැම්මේ - එසේ මෙසේ පුතෙක් නෙවෙයි"
01:56
Video thumbnail
"අපේ සිංහ පැටියා තමයි නාමල් රාජපක්ෂ.. එඩිතර සිංහ පැටියව බය කරන්න බෑ"
00:20
Video thumbnail
"මමනම් හිතන්නේ අනුර, නාමල්ට බය වුණා"
00:20
Video thumbnail
විලංගු වැටුණු නාමල් රාජපක්ෂ වැලිකඩට පැමිණි අයුරු - මෙන්න එම දර්ශන
00:51