පෙම්වතිය ඝාතනය කළ බවට චෝදනා එල්ල වූ ‘බ්ලේඩ් රනර්’ට නිදහස

සිය පෙම්වතියට වෙඩි තබා ඝාතනය කළ බවට චෝදනා එල්ල වී වසර 13ක සිරදඬුවමක් විඳිමින් සිටි පැරාලිම්පික් ක්‍රීඩක ඔස්කාර් පිස්ටෝරියස්ට නිදහස හිමිව තිබෙනවා.

දැඩි කොන්දේසි මත මොහුට දකුණු අප්‍රිකානු අධිකරණයක් විසින් මෙලෙස නිදහස ලබා දී ඇති අතර, 2029 වසර වනතෙක් මාධ්‍යයට අදහස් දැක්වීම තහනම් කිරීම ඔහුට පැනවූ එක් කොන්දේසියක්.

බ්ලේඩ් රනර් යන අන්වර්ථ නාමයෙන් හඳුවන්වනු ලබන මේ වනවිට 37 හැවිරිදි වියේ පසුවන ඔස්කාර් පිස්ටෝරියස්ට 2013 වසරේ දී සිය පෙම්වතිය වූ රීවා ස්ටීන්කැම්ප්ව වෙඩි තබා ඝාතනය කර තිබුණා.

නාන කාමරයේ සිටි තම පෙම්වතියට දොර හරහා මෙම වෙඩිතැබීම සිදුකර තිබූ අතර, ඇය එම ස්ථානයේදීම මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් පිස්ටෝරියස් අධිකරණය හමුවේ පවසා සිටියේ සොරෙක් යැයි සිතා තමා එම වෙඩි තැබීම සිදුකළ බවයි.

සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් අභියාචනාධිකරණයක් විසින් මීට පෙර ලබාදුන් තීන්දුව අවලංගු කිරීමෙන් පසුව 2015 වසරේ දී පිස්ටෝරියස් මිනීමැරුම් චෝදනාවට වරදකරු වුණා.

පිස්ටෝරියස්ට වයස අවුරුද්දකට අඩු කාලයක දී ඔහුගේ දෙපා අහිමිව ඇති අතර, ඔහු පසුව කෘත්‍රීම පාද මත විශ්වාසය තබා ලොව ප්‍රකට මලල ක්‍රීඩකයෙකු බවට පත් වුණා.

කෙසේ වෙතත් ඔහුගේ මලල ක්‍රීඩා දිවියේ හොඳම කාලය තුළ සිරගතව සිටීමටයි පිස්ටෝරියස්ට සිදු වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක සංජීව එදිරිමාන්න සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
Praharaya | පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක සංජීව එදිරිමාන්න සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
12:27
Video thumbnail
ඕපනායක අසමාන කන්දේ උඩ කොටස නාය යෑමකට ලක්වෙයි..පවුල් 30ක පිරිසක් ඉවත් කරයි
03:37
Video thumbnail
ප්‍රසිද්ධියේම ජනපති අධිකරණයට දැඩි බලපෑමක් කළේ..වරප්‍රසාද අස්සේ හැංඟිලා කරපු දැඩි ප්‍රකාශයක්
04:03
Video thumbnail
පාස්පෝට් සිද්ධිය ගැන පාඨලීගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අසූචි වපුරන අයට අසූජි හම්බෙනවා අනාගතේ
04:04
Video thumbnail
ආණ්ඩුව - විපක්ෂය එකතුවෙලා විපක්ෂ නායකට ගේමක් දෙන්නද යන්නේ ? ශම්මි සිල්වා සුහදශීලීව ධුරය අතහැරියා
04:36
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ කුපිත වී වටේටම හොඳම එකෙන් දෙසයි..මෙතන හොරු තුන් දෙනෙක් ඉන්නවා..හංඟගෙන හිටියේ
06:57
Video thumbnail
ජනාධිපති චො‍ර වුණා - ටිල්වින් සිල්වා පොර වුණා..12 වෙනිදා මුළු කොළඹම වටලනවා
05:10
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.05
07:52:06
Video thumbnail
අසල්වැසියාගේ කේලම නිසා පුංචි පුතු තනිකර මව සදහටම ජීවිතයෙන් සමුගත් ඛේදවාචකය
03:14