ඉමියුනොග්ලොබියුලින් වංචාවට තවත් අයෙක් අත්අඩංගුවට

හියුමන් ඉමියුනොග්ලොබියුලින් වංචාව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ තවත් ඉහළ නිලධාරියෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉමියුනොග්ලොබියුලින් ගෙන්වීම සම්බන්ධයෙන් මෙලෙස අත්අඩංගුවට පත්වී ඇත්තේ වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ හේරත් කුමාර යන අයයි.

ප්‍රශ්න සහගත ව්‍යාජ ඉමියුනොග්ලොබියුලින් ඖෂධ වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් පසුගියදා අත්අඩංගුවට ගත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍ර ගුප්ත මේ වන විට රක්‍ෂිත බන්ධනාගාර ගතව පසුවනවා.

මෙම ඖෂධ වංචාව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ සැපයුම් අංශයේ අධ්‍යක්‍ෂවරයා ඇතුළු 05 දෙනකු මීට පෙර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් අතර ඔවුන් ද මේ වනවිටත් බන්ධනාගාරගත කර සිටිනවා.

මෙම සැකකරුවන් අතර ඉමියුනොග්ලොබියුලීන් ඖෂධයේ සැපයුම්කරු ද සිටින බවයි අනාවරණ වී ඇත්තේ.

2022 වසරේ ඔක්තෝම්බර් මාසයේදී ලියාපදිංචියකින් තොරව ප්‍රසම්පාදන ක්‍රියාවලියට මෙම ඖෂධය ආනයනය කළ සමාගම ඇතුළත්වී ඇති අතර හිටපු සෞඛ්‍ය ලේකම්වරයා මෙම ඖෂධය ගෙන්වීමට අනුමැතිය ලබාදී ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

2023 වසරේ සැප්තැම්බර් මාසයේදී මෙම ඖෂධය ගෙන්වීම සඳහා අදාළ මුදල්වලින් රුපියල් මිලියන 40ක් ගෙවා දැමීමටද වෛද්‍ය සැපයුම් ඒකකය කටයුතු කර තිබුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28


?