ඉමියුනොග්ලොබියුලින් වංචාවට තවත් අයෙක් අත්අඩංගුවට

හියුමන් ඉමියුනොග්ලොබියුලින් වංචාව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ තවත් ඉහළ නිලධාරියෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉමියුනොග්ලොබියුලින් ගෙන්වීම සම්බන්ධයෙන් මෙලෙස අත්අඩංගුවට පත්වී ඇත්තේ වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ හේරත් කුමාර යන අයයි.

ප්‍රශ්න සහගත ව්‍යාජ ඉමියුනොග්ලොබියුලින් ඖෂධ වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් පසුගියදා අත්අඩංගුවට ගත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍ර ගුප්ත මේ වන විට රක්‍ෂිත බන්ධනාගාර ගතව පසුවනවා.

මෙම ඖෂධ වංචාව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ සැපයුම් අංශයේ අධ්‍යක්‍ෂවරයා ඇතුළු 05 දෙනකු මීට පෙර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් අතර ඔවුන් ද මේ වනවිටත් බන්ධනාගාරගත කර සිටිනවා.

මෙම සැකකරුවන් අතර ඉමියුනොග්ලොබියුලීන් ඖෂධයේ සැපයුම්කරු ද සිටින බවයි අනාවරණ වී ඇත්තේ.

2022 වසරේ ඔක්තෝම්බර් මාසයේදී ලියාපදිංචියකින් තොරව ප්‍රසම්පාදන ක්‍රියාවලියට මෙම ඖෂධය ආනයනය කළ සමාගම ඇතුළත්වී ඇති අතර හිටපු සෞඛ්‍ය ලේකම්වරයා මෙම ඖෂධය ගෙන්වීමට අනුමැතිය ලබාදී ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

2023 වසරේ සැප්තැම්බර් මාසයේදී මෙම ඖෂධය ගෙන්වීම සඳහා අදාළ මුදල්වලින් රුපියල් මිලියන 40ක් ගෙවා දැමීමටද වෛද්‍ය සැපයුම් ඒකකය කටයුතු කර තිබුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27