කෝටි 6ක හෂිස් සීදූවේදී අල්ලයි

රුපියල් හය කෝටි දහතුන් ලක්ෂ හැට දහසක් (61,360,000) වටිනා හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් රේගු ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් පිරිසක් විසින් සීදුව සෙරෙන්ඩිබ් භාණ්ඩ නිශ්කාශන ආයතනයේ දී අත් අඩංගුවට ගෙන තිබෙනවා.

රේගු මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ මහතා සඳහන් කළේ ආහාර අඩංගු ත්‍යාග පාර්සලයක් ලෙස සඳහන් කරමින් ඉතාලියේ සිට හෝමාගම ප්‍රදේශයේ ලිපිනයකට ගුවන් මගින් එවා තිබූ පාර්සලයක් තුළින් මෙම මත්ද්‍රව්‍ය සොයාගෙන ඇති බවයි.

මෙම පාර්සලය ඊයේ (02) සීදුව සෙරෙන්ඩිබ් ආයතනය වෙත ගුවන් තැපැල් ඔස්සේ ලැබී තිබූ අතර එහි කිලෝ 04යි ග්‍රෑම් 919ක් බර හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් තිබී රේගු නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

මෙම මත්ද්‍රව්‍ය අඩංගු පාර්සලය භාර ගැනීමට පැමිණි නියෝජිතවරයා ඉදිරිපිට දී එය පරීක්ෂා කර බැලීම සිදු කර ඇති අතර එම නියෝජිතවරයා ද අත් අඩංගුවට ගැනීමටයි කටයුතු කර ඇත්තේ.

අත් අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය සහ එම නියෝජිතවරයා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.

පසුගිය 2023 වසරේ මේ ආකාරයට ශ්‍රී ලංකාව තුළට විෂ මත්ද්‍රව්‍ය ගුවන් තැපැල් සේවා ඔස්සේ 08 වතාවක් ගෙන ඒමට තැත් කර තිබූ අතර කිලෝ 61 යි ග්‍රෑම් 700ක් බර මත්ද්‍රව්‍ය එම අවස්ථාවලදී අත් අඩංගුවට ගනු ලැබුවා.

ඒවායෙහි වටිනාකම රුපියල් තිස් පන් කෝටි අනූ ලක්ෂයක් 359,000,000ක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08