රටවල් රැසක් නව අවුරුදු සැණකෙළි නවතයි

ඊශ්‍රායලය විසින් පලස්තීනුවන් සමූහ වශයෙන් ඝාතනය කිරීම සහ ගාසා තීරයේ වහා සටන් විරාමයක් සඳහා කෙරෙන ඉල්ලීම්වලට සහයෝගය පළ කරමින් මේ රටවල් ඔවුන්ගේ නව අවුරුදු උදාවේ උත්සව සියල්ල නතර කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඊශ්‍රායලය විසින් අල්ලාගෙන සිටින පලස්තීන ප්‍රදේශවල නත්තල් සැමරුම් යටපත්වීමෙන් පසුව දකුණු ලෙබනනය, ඉරාකය සහ සිරියාව සහ අනෙකුත් රටවල් අලුත් අවුරුදු උත්සව සැමරුම් නැවත්වීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව ගාසා තීරයේ පලස්තීනුවන්ට සහයෝගය දැක්වීම සඳහා නව අවුරුදු සැමරුම් තහනම් කරන බව පකිස්ථානය ප්‍රකාශ කර තිබෙනවා.

ගාසා තීරයේ යුද්ධය හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයක් වන සාජා ද අලුත් අවුරුදු සැණකෙළි තහනම් කර තිබෙනවා.

කෙසේවෙතත් සෞදි අරාබිය, තුර්කිය, ඊජිප්තුව සහ ජෝර්දානය ද නව වසරේ නව වසරේ සැමරුම් සිදු කරන අතර ලොව පුරා බිලියන ගණනක් ඒ සඳහා එක්වනු ඇති බව සඳහන්.

පලස්තීන වර්තාවලට අනුව ඔක්තෝබර් 7 වනදා ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරයෙන් පසු ආරම්භ වූ යුද්ධයෙන් ගාසා තීරය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, මේ වනවිට පුද්ගලයන් 21,822 දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති හමුවෙයි - එල්නිනෝ තත්ත්වය ගැන දීර්ඝ සාකච්ඡාවක්
02:53
Video thumbnail
මවක් එළොව යවමින් සඳහිරු සෑය අසළ සිදුවූ බිහිසුණු අනතුර - තවත් තිදෙනෙක් තුවාල ලබා රෝහලේ
01:12
Video thumbnail
ගොවි ජනතාව රජ කරන යුගය බිහි කරන්නේ අපි - ඔබට බැරිනම් අපි වගකීම ගන්න සූදානම්
05:51
Video thumbnail
IMF නියෝජිත පිරිසක් ජනාධිපතිව හමුවෙයි
01:35
Video thumbnail
වාහන නවත්තලා දඩ කොළ දෙනවා වෙනුවට දුන්න සව් දන්සැල
01:21
Video thumbnail
Mr. කොත්තු හිමිකරු වෙනුවෙන් පෙරට ආ සේවකයෝ
01:32
Video thumbnail
ගාල්ලේ ඉදලා ඇවිත් අනුරාධපුරේ ආච්චි කෙනෙක්ට සත්තම දැම්ම සෙට් එක
01:22
Video thumbnail
නිවසක තිබියදී අධි බලැති යතුරුපැදි පහක් කොටුවෙයි
00:59
Video thumbnail
රජයේ සේවකයන්ට හාල් ණයට දෙනවා - ආණ්ඩුව මෙච්චර වැටිලද ?දැනෙන ප්‍රමාණයට තෙල් මිල අඩු කරන්න
01:49
Video thumbnail
Praharaya| ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි සහභාගිවන ප්‍රහාරය වැඩසටහන
00:00