VAT වැඩිකළත් බේකරි නිෂ්පාදනවල මිල වැඩිවීමක් නැහැ

හෙට දිනයේ සිට වැට් බද්ද ඉහළ දැමූව ද පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමක් සිදුනොකරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

වැට් බද්ද සියයට 18ක් දක්වා ඉහල දැමීම තුළින් බේකරි කර්මාන්තයට සහ බේකරි හිමියන්ට දැඩි බලපෑමක් එල්ලවනු ඇති බවයි එම සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන සඳහන් කළේ.

වැට් බද්ද වැඩි කිරීම හේතුවෙන් බේකරි කර්මාන්තයට හා බේකරි හිමියන්ට සිදුවන පාඩුව පිළිබඳව රජය සමඟ සාකච්ඡාකර විසඳුමක් ලබාගන්නා බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

මේ අතර වැට් බද්ද ඉහළ දැමීමට කටයුතු කිරීමත් සමඟ හෙට (01) දිනයේ සිට බත්, කොත්තු, ප්ලේන් ටී, කිරි තේ සහ සියලුම කෙටි ආහාරවල මිල ගණන් ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය සඳහන් කළා.

ඒ, අනුව ප්ලේන් ටී එකක් රුපියල් 5.00කින්, කිරි තේ එකක් රුපියල් 10.00කින් සහ සියලුම කෙටි ආහාර රුපියල් 10.00කින්, බත්, ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තුවක මිල රුපියල් 25.00කින් මිල ඉහළ දමන බවයි එම සංගමය සඳහන් කර සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56