බොහොම අමාරුවෙන් ජීවත් වෙන කාලයක් – අගමැති දිනේෂ්

ආණ්ඩුවකින් සිදුකරනවාට වඩා විශාල වැඩ කොටසක් ජනතාවගේ එකමුතුවෙන් සිදුකළ හැකි බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පන්නිපිටිය, රුක්මල්ගම නව තැපැල් කාර්යාලය ජනසතු කිරීමේ අවස්ථාවට ඊයේ (30) එක්වෙමින්.

රජයක් ලෙස පළාත් පාලන ක්ෂේත්‍රයේ නගර සභා පළාත් සභා හරහා අලුත් නිර්මාණශීලී අදහස් ඇති අලුත් වැඩසටහන් සඳහා ලබාදිය හැකි සම්පත් ප්‍රමාණයන් වැඩිකිරීමට රජය අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සදහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා,

“වැඩිහිටියන්ගේ අත්දැකීම් සම්භාරය අනාගතයට දායාද කළ යුතුයි. ඒ අයගේ සුබ සිද්ධිය දියුණුව හා නීරෝගීභාවය වෙනුවෙන් කටයුතු කිරීමේ වගකීම අපට තිබෙනවා. වැඩිහිටියන්ගේ ජීවිත වඩාත් නිරෝගී කිරීම හා ඔවුන්ගේ සන්තෘෂ්ටිය සඳහා වූ වැඩසටහන් ප්‍රදේශයේ ප්‍රජා මණ්ඩලයෙන්, පුස්තකාලයෙන්, ජංගම සේවාවලින් ඇති කළ හැකියි.
ආණ්ඩුවකින් කරනවට වඩා විශාල වැඩ කොටසක් ජනතාවගේ එකමුතුවෙන් කරන්න පුළුවන්. රජය හැටියටත්, පළාත් පාලන ක්ෂේත්‍රයේ නගර සභා පළාත් සභා හරහා අලුත් නිර්මාණශීලී අදහස් ඇති අලුත් වැඩසටහන් සදහා ලබාදිය හැකි සම්පත් ප්‍රමාණයන් වැඩිකර දෙන්නට අපි බලාපොරොත්තු වෙනවා. මේ අපි බොහොම අමාරුවෙන් ජීවත් වෙන කාලයක්. එය ඉතාම නිහතමානීව ප්‍රකාශ කරන්නට ඕනේ. අවුරුදු හතරකට පහකට කලින් තිබුණු ලංකාවට වඩා ආර්ථික වශයෙන් අමාරු කාලයක් ගතවෙනවා. ඒක අපි ආණ්ඩුවක් හැටියට පිළිගන්නවා. රට අඩපණ වෙලා තිබුණා. වත්මන් ජනාධිපතිවරයා යටතේ මම අග්‍රාමාත්‍යධූරය භාර ගත්තේ රට අවුල් ජාලාවෙන් ගොඩගන්නටයි. ඉන් අනතුරුව තමන්ට විශ්වාසවන්ත ආණ්ඩුවක් ප්‍රජාතන්ත්‍රවාදීව ඇති කරගන්න මහජනතාවට පුළුවන්.
ගෑස් සිලින්ඩරයක් හොයාගන්න බැරුව හිටපු කාලයක්, තෙල් නැතිව ගමනාගමනය ඇණ හිටිය කාලයක් තිබුණා. ලංකාව තවමත් බොර තෙල් ගෙන්වලා පිරිපහදු කරන රටක්.මහජන චීනය සහ ඉන්දියාව අලුතෙන් ඇති කරන තෙල් කර්මාන්තය අනුව ඉදිරියට අපේ රටේම පිරිපහදු කරන තෙල් ලංකාවේ ජනතාවගේ පරිභෝජනයට ලබා දෙන්න අපට හැකියාව ලැබෙයි. පහුගිය අවුරුද්දේ ආහාර අර්බුදයක් තිබුණා. යළි වගාබිම් ඇති කරන අලුත් උත්සාහයකට ගොවි ජනතාව සහයෝගය ලබා දුන්නා. එකම වගා සංග්‍රාමයක් ලෙස රට පුරාම ක්‍රියාත්මක වුණා. ආහාර නිෂ්පාදනය අතින් ස්වයංපෝෂිත වෙන්න අපට පුළුවන් කියලා ලංකාවේ ගොවිජනතාව ඔප්පු කළා. ඒ නිසා මිත්‍ර රටවල් තුළ අපට නැවත නැගී සිටිය හැකියි කියන විශ්වාසය ගොඩනැගුණා.
රජයේ සේවකයන්ට වැටුප ගෙවීම අවිනිශ්චිත තත්ත්වයක තිබුණා. අපේ වැඩිහිටියන්ගේ විශ්‍රාම වැටුප දෙන්න පුළුවන් වෙයිද කියලා අවිනිශ්චිත කාලයක් තිබුණා. ඒ කිසි දෙයක් අපි පැහැර හැරියේ නැහැ. අපි ඒ අභියෝගය ජයග්‍රහණය කළා. ඒ වගේම රටේ වියදම් කිරීම අඩු කළ යුතුයි. විශේෂයෙන් නාස්තිය අඩු කර, රටේ දියුණුවට එම සම්පත් යොදාගන්න පුළුවන්.
පිටරටින් තෙල් ගෙනත් විදුලිය නිපදවන විට වියදම වැඩියි. ජල විදුලියෙන් අඩු වියදමිකින් වැඩි විදුලි ප්‍රමාණයක් නිපදවන්න පුළුවන්. අද විදුලි බිල ගැන රටේ පුරා කතා වෙනවා. අග්‍රාමාත්‍යවරයා හැටියට ආණ්ඩුවේ සාකච්ඡාවලදි අපි කියන්නෙත් ජලයෙන් හා සූර්ය බලයෙන් විදුලිය නිෂ්පාදනයෙන් කරන ව්‍යාපෘති වැඩි වශයෙන් ක්‍රියාත්මක කළ යුතු බවයි. විදුලි බිල අඩු කර ගැනීම සඳහා සියලු දෙනා වැඩි අවධානයක් යොමු කළ යුතුයි. අපි අලුතෙන් හිතන්නට ඕනේ. අපේ විභාග අලුත් අභියෝග ජයගන්න පුළුවන් විභාග බවට පරිවර්තනය විය යුතුයි. ඒ තුළින් සංවර්ධනයට වඩාත් කිට්ටු වුණු අලුත් පරම්පරාවකට අපේ රටේ අනාගතය භාර දෙන්න පුළුවන්.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18