හේතුවක් හෙළි නොවූ විනාශය (වීඩියෝ)

යාපනය කුප්පවේල් ප්‍රදේශයේ ගබඩා කර තිබු බීජ අර්තාපල් මෙට්‍රික් ටොන් 20ක් නරක්වී භාවිතයට ගත නොහැකි තත්වයකට පත්ව තිබෙනවා.

විනාශයට පත්ව ඇත්තේ කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති කෘෂි අංශ නව්‍යකරණ ව්‍යාපෘතිය විසින් ගෙන්වූ බීජ අල තොගයක්.

පෞද්ගලික සමාගමක් හරහ රුපියල් මිලියන 10ක් වැය කර බීජ අර්තාපල් මෙට්‍රික් ටොන් 20ක් ආනයනය කර තිබුණේ ඔස්ට්‍රේලියාවේ සිටයි.

කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති කෘෂි අංශ නව්‍යකරණ ව්‍යාපෘතිය විසින් මෙරටට ගෙන්වූ මෙම බීජ අර්තාපල් යාපනයේ අර්තාපල් ගොවීන්ට නොමිලයේ බෙදා දීමට නියමිතව තිබුණා.

කෙසේ වෙතත් අද වන විට මෙම බීජ අර්තාපල් තොගය නරක් වී ප්‍රයෝජනයට ගත නොහැකි තත්වයට පත්ව තිබෙනවා.

පසුගිය දිනවල ප්‍රදේශයට බලපෑ වර්ෂාධීක කාළගුණික තත්වයත් සමග වැසි ජලය කාන්දු වීමෙන් මෙම බීජ අර්තාපල් නරක් වන්නට ඇති බවට සැක කරනවා.

ඇතිවී ඇති තත්ත්වය නිරීක්ෂණය කිරීම සදහා කෘෂිකර්ම නිළධාරීන් ඊයේ කුප්පවේල් ප්‍රදේශයට පැමිණ සිටි අතර වැඩිදුර පර්යේෂණ සදහා එහි සාම්පල ද ලබා ගැණුනා.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද අගුණකොළපැලැස්ස ප්‍රදේශයේදී අදහස් පල කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බන්ධනාගාර නිලධාරින්ට දැඩි තර්ජන තියෙනවා - මේ ආණ්ඩුව හොඳට දන්නවා බන්ධනාගාරවල ගැ#ටුම්
11:11
Video thumbnail
JVP පන්ති පහේ වෙන දේ JVP පළමු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙළිකරයි - ඔක්කොම කාටවත් දෙන්න බෑ..සිහින මවනවා
05:57
Video thumbnail
ශ්‍රී දළඳා මාළිගාවේ පෙරහැර මංගල්‍යයට දින නියම වෙයි - අගෝස්තු 27වන දින අවසන් රන්දෝලි පෙරහැර
03:47
Video thumbnail
පානීය ජල ගැටලුවට ස්ථීර විසඳුම් සෙවීමට 2027 අයවැයෙන් විශේෂ අවධානය
01:33
Video thumbnail
"පව්කාර මිනිස්සු ඇයි එහෙම දෙයක් කළේ තාත්තිට"
01:37
Video thumbnail
දේව කන්නලව්වක් කරලා ගොවීන් ආණ්ඩුවට පොල් ග#යි
00:46
Video thumbnail
ගාල්ල බන්ධනාගාරයේ සුදු කොඩි හා බැනර් ප්‍රදර්ශනය කර ඇති අයුරු
00:32
Video thumbnail
කුසුමාවතී සහ වේලායුධම් එළොව යැවීමේ වරදට 8ක් පෝරකයට
01:07
Video thumbnail
කුසුමාවතී සහ වේලායුධම් එළොව යැවීමේ වරදට 8ක් පෝරකයට - පවුලේ අය සංවේදී වී හඬා වැටෙයි
01:30
Video thumbnail
මඩ ග#න ඩෝබිලා එකෙක්වත් මට දානේ වේලක්වත් දීලා නෑ - අපිලාගේ සාදුට යකා නගියි
01:50