පසුගිය දින කිහිපයේ කොවිඩ් වැළඳී රෝගීන් මිය ගිය කතා බොරු – නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්

කොවිඩ් 19 ඇතුළු බෝවන රෝග සම්බන්ධයෙන් ජනතාව අනියත බියක් ඇති කර ගත යුතු නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී.විජේසූරිය පවසන්නේ දිවයින පුරා ප්‍රධාන රෝහල්වලට දෛනිකව පැමිණෙන රෝගීන්ගේ සාම්පල ලබාගනිමින් පරීක්ෂණ සිදුකරන බවයි.

කොවිඩ් 19 ඇතුළු බෝවන රෝග පිළිබදව මෙන්ම විවිධ ශ්වසන රෝග සම්බන්ධයෙන් මේ දිනවල සමාජයේ යළිත් කතාබහක් මතුව ඇති බවයි ඔහු සඳහන් කළේ.

එමෙන්ම වර්තමානයේ කොවිඩ් රෝගීන් වාර්තා වුවත් එය ඉතා අසාධ්‍ය තත්ත්වයට පත්වීමක් දක්නට නොලැබෙන බවයි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා සිටියේ.

පසුගිය සමයේ සිදුකළ එන්නත්කරන කටයුතු ඊට ප්‍රධානතම හේතුව වී ඇති බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ අතර මුව ආවරණ පැළදීම සහ දෑත් පිරිසිදුව තබාගැනීම ඇතුළු පෙර සෞඛ්‍ය පුරුදු නැවත ඇතිකර ගැනීම තුළින් රෝග ව්‍යාප්ත වීම පාලනයකර ගැනීමට හැකියාව පවතින බව ඔහු මෙහිදී සඳහන් කළා.

එමෙන්ම කිසියම් අයෙකුට කැස්ස, උණ, සම්ප්‍රතික්ෂාව වැනි රෝග ලක්ෂණ පවතී නම් ජනතාව ගැවසෙන ස්ථානවලට නොයන ලෙසට ද දැනුම් දෙනවා.

පසුගිය දිනවල කොවිඩ් වැළඳී පුද්ගලයින් මිය ගිය බවට පළ වූ වාර්තාවල කිසිඳු සත්‍යතාවක් නොමැති බව ද නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී.විජේසූරිය මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර සිටියා.

මෙලෙස මිය ගිය රෝගීන් වෙනත් රෝගාබාධයන් හේතුවෙන් දින ගණනක් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටිය දී මිය ගිය අයවලුන් බවත්, ඔවුන් මිය ගිය පසුව සිදුකළ පරීක්ෂා කිරීමේ දී එම සාම්පලවල කොවිඩ් ආසාදනය වීමක් පෙන්නුම් කළ බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32