අධික වැසි සමඟ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් දැනුම්වත් කිරීමක්

පසුගිය පැය 24 තුළ ඇති වූ වර්ෂාපතනය අනුව මාතලේ දිස්ත්‍රික්කයට සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයට වැඩි වර්ෂාපතනයක් පතිත වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් සුදන්ත රණසිංහ සඳහන් කළේ බදුල්ල සහ රත්නපුර ප්‍රදේශවලටත් නාය යාම් අවදානම් ඇතිව ඇති බවයි.

උල්හිටිය, නුවර වැව, රාජාංගනය, කලාවැව, වෙහෙරගල, උනච්චයි, මොරගහකන්ද ඇතුළු තවත් වැව් සහ ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කර ඇති බව ද ඔහු සඳහන් කළා.

මේ හේතුවෙන් ගංවතුර තත්ත්වයන් සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස ගංඟා ආශ්‍රිතව ජීවත්වන ජනතාවට දැනුම්දීමක් කරනවා.

මීට අමතරව පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ද වාන් දොරටු ද අද (29) දහවල් වන විට විවෘත කිරීමට සිදුවන බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ.

එවැනි තත්ත්වයක් සිදුවුව හොත් ගල්ලෑල්ල ප්‍රදේශය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවෙන බව සඳහන් කළ ඔහු එම ප්‍රදේශයේ මාර්ග වසා දැමීමට සිදුවන බව ද පැවසුවා.

මේ අතර මහවැලි ගඟ පිටාර ගැලීම සෝමාවතිය ප්‍රදේශය නැවතත් ජලයෙන් යට වී ඇති අතර, සෝමාවතිය පුදබිම වන්දනාමාන කිරීමට පැමිණීමෙන් වළකින ලෙස ද දැනුම් දෙනවා.

අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට එම ප්‍රදේශයේ පවුල් පනහක් පමණ සහන මධ්‍යස්ථාන වෙත හෝ වෙනත් ස්ථාන වෙත ඉවත් කිරීමේ කටයුතුවලට යෙදී සිටින බවයි වාර්තා වුණේ.

ඊට අමතරව බදුල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල නාය යාමේ අවදානම් මත බදුල දිස්ත්‍රික්කයේ පවුල් එකසිය තිහක්, රත්නපුර දිස්ත්‍රික්කය පවුල් හයක් සහන මධ්‍යස්ථාන වෙත යොමුකර තිබෙනවා.

ඉදිරි පැය 24 තුළ පොළොන්නරුව මාතලේ යන දිස්ත්‍රික්කවල වර්ෂාපතනය තව දුරටත් වැඩිවීමක් අපේක්ෂා කළ හැකියි.

සුළං සහිත වර්ෂාපතනය පවතින විට ගස් කඩාකැවටීමේ අවදානමක් ඇති බවයි ආපදා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ හේතුවෙන් ඒ පිළිබඳ අවධානය යොමු කරන්න ලෙස ද දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
00:00
Video thumbnail
ප්‍රසන්න රණතුංගට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවතට - ගැම්මට හිනාවෙලා යන හැටි
01:23
Video thumbnail
පොඩි පොඩි අඩුපාඩුකම් තිබ්බත් අපේ පාර්ලිමේන්තුව ගොඩාක් හොඳයි
03:46
Video thumbnail
කුපිත වුණ රාජාංගනයේ ගොවියන් මහ පාරට බහියි - මේ බාල පොහොර තනිකරම ජරා ගොඩක්
04:52
Video thumbnail
මේ ආණ්ඩුව තියෙන්නේ බම්බු ගහන්න ද.. අනුරගේ කතාවෙන්ම අනුරට දෙයි
09:11
Video thumbnail
මාළු ටැංකියට ගල් එකතු කරන්න ගිහින් ගි#ණු සිසුවාගේ සිරුර සොයාගයි - මිනිස්සු හඬා වැටෙයි
01:51
Video thumbnail
ගොවියෝ දැන් සතුටින් ඉන්නවා මල්ලි - අපි උපරිම පහසුකම් දෙනවා
05:58
Video thumbnail
රාජපක්ෂලා තව ටික කාලයක් පාලනයේ හිටියා නම් මුළු රටම අපරාධකරුවෝ වෙනවා
11:44
Video thumbnail
රෙද්ද පල්ලේන් ආණ්ඩුවේ නිරුවත පේනවා - මේකේ ඉන්නේ ඩෝබිලා විතරක් නෙමෙයි
05:18
Video thumbnail
ශ්‍රී ලංකාවට එන සංචාරකයින් ඩොලර් 148ක් වියදම් කරන්නේ - මේක වැඩි කරගත යුතුයි
02:51