කොලිවුඩ් නළු විජයකාන්ත් අභාවප්‍රාප්ත වෙයි

සුපිරි කොලිවුඩ් නළු නාරායනන් විජයරාජ් අලගර්ස්වාමි හෙවත් විජයකාන්ත් අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඔහු 71 වැනි වියේ පසු විය.ඔහුට කෝවිඩ්-19 ආසාදනය වී තිබු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

2005 දී DMDK පක්ෂය පිහිටුවීමෙන් විජයකාන්ත් දේශපාලනයට අවතීර්ණ විය.

ඒ, තමිල්නාඩුවේ සෙසු ද්‍රවිඩ පක්ෂ වන DMK සහ ADMK වැනි පක්ෂවලට අභියෝග කරන විකල්ප දේශපාලන පක්ෂයක් වීමේ අරමුණෙනි.

2006 තමිල්නාඩු ව්‍යවස්ථාදායක සභා මැතිවරණයේ දී DMDK පක්ෂය සිය මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කළ අතර, එහි දී ඔවුන්ට ප්‍රාන්ත දේශපාලනය තුළ සැලකිය හැකි බලවේගයක් ලෙස ස්ථාපිත වීමට හැකියාව ලැබිණි.2011 තමිල්නාඩු ව්‍යවස්ථාදායක සභා මැතිවරණයේ දී DMDK පක්ෂය AIADMK ප්‍රමුඛ සන්ධානය සමඟ සන්ධානගත වූ අතර, විජයකාන්ත් විපක්ෂ නායකයා බවට ද පත් විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
0
+1
2
+1
12
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?