ඕස්ට්‍රේලියාව, තායිලන්තය සහ මැලේසියාව යන රටවලට තද වැස්සෙන් බලපෑම්

ඕස්ට්‍රේලියාව, තායිලන්තය සහ මැලේසියාව යන රටවල දහස් සංඛ්‍යාත පිරිසක් අවතැන්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම රටවලට මේ දිනවල අධික වර්ෂාව සහ ගං වතුර හේතුවෙන් මෙලෙස ජනතාව පීඩාවට පත්ව සිටි.දින කිහිපයක සිට ඇඳහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් එම රටවල ජල ගැලීම් තත්ත්වයන් වාර්තා වී තිබේ.

මේ හේතුවෙන් ජනතාවට තාවකාලික කඳවුරුවල නවාතැන් ගැනීමට සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. පවතින ආපදා තත්ත්වය හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව සඳහන්.

මීට අමතරව ඕස්ට්‍රේලියාව, තායිලන්තය සහ මැලේසියාව යන රටවල විදුලිය ද විසන්ධි වී ඇත.

පීඩාවට පත්ව සිටින ජනතාවට අවශ්‍ය සහන සැලසීමට බලධාරීන් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?