දහම් පාසල් අවසාන විභාගය විභාගය ලබන 28 සහ 29 දෙදින තුළ

දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසන්නේ බෞද්ධ, හින්දු, කතෝලික හා ඉස්ලාම් දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය දෙසැම්බර් 28 සහ 29 යන දෙදින තුළ පැවැත්වෙන බවයි.

එය දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 669ක දී පැවැත්වෙනවා.

විභාග ප්‍රවේශ පත්‍ර අදාළ දහම් පාසල් වෙත මේ වනවිටත් තැපැල් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළා.

මේ අතර ප්‍රවේශ පත්‍ර නොලද විභාග අපේක්ෂකයින් දහම් පාසල් ප්‍රධානීන් වෙත නිකුත් කර ඇති පරිශීලන නාමය හා මුරපදය භාවිත කරමින් විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවිය වෙත පිවිස ප්‍රවේශ පත්‍ර භාගතකර ගත හැකි බවයි දැනුම් දෙන්නේ.

ප්‍රවේශ පත්‍ර භාගතකර ගත හැකි ලින්කුව පහතින්

apps.exams.gov.lk/principals/admissions

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?