AFC Banner
Empty Ad
Empty Ad

ආරුක්කු නවය පාලම අසල දී තරුණියක් දුම්රියේ ගැටී ජීවිතක්ෂයට

ඇල්ල සහ දෙමෝදර දුම්රිය ස්ථාන අතර පිහිටි ආරුක්කු නවය පාලම ආසන්නයේ දී තරුණියක් දුම්රියේ ගැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද (25) උදෑසන මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 22ක තරුණියක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඇල්ල, කිතල්ඇල්ල, මුල්ලෙඅරාව ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම තරුණිය කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියේ ගැටී ඇති බවයි වාර්තා වුණේ.

මියගිය තරුණියගේ මෘත ශරීරය අධිකරණ වෛද්‍ය පරීක්ෂණ සඳහා බදුල්ල මහ රෝහල වෙත යොමු කිරීමට නියමිතව තිබූ බවයි අප වාර්තාකරු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
4
+1
0
+1
1
+1
18
+1
4
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?