කුරුණෑගල හිටපු පුරපතිගේ ඉඩම් මගඩියක් ගැන අනාවරණයක් (වීඩියෝ)

කුරුණෑගල පෞරාණික බුවනෙකබා රාජ සභා මණ්ඩපය කඩා බිඳ දමා ඊට වරදකරු වී දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු නගරාධිපති තුෂාර සංජීව හා නාගරික කොමසාරිස් ප්‍රදීප් තිලකරත්න රජයේ ඉඩම් අවිධිමත්ව තම ඥාතීන් හා හිතවතුන් අතර බෙදාගෙන ඇති බව දසත නිවුස් වෙත තොරතුරු අනාවරණය වනවා.

ජාතික විගණන කාර්යාල තොරතුරු අනුව හිටපු නගරාධිපතිවරයා ඔහුගේ බිරිඳට ද ටෙන්ඩර් පටිපාටි අනුගමනය නොකර 2050 වසර දක්වා බදු පදනම මත ඉඩම් නිදහස් කර ඇති බව හෙළිව තිබෙනවා.

දසත නිවුස් කළ විමර්ශනයේදී හෙළිවුයේ කුරුණෑගල ආයුර්වේද රෝහල පිටුපස ඇති රජයට අයත් රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩම් කැබලි හිටපු ප්‍රාදේශීය ලේකම්වරයාගේ ද සහයෝගයෙන් හිටපු නගරාධිපති හා නාගරික කොමසාරිස් බලහත්කාරයෙන් 2021 වසරේදී අත්පත් කරගෙන ඇති බවයි.

ජාතික විගණන කාර්යාලය මගින් කුරුණෑගල මහ නගර සභාව හා රජය සතු ඉහළ වටිනාකමක් සහිත ඉඩම් කුරුණෑගල මහ නගර සභාව විසින් අවිධිමත් ලෙස පෞද්ගලික පාර්ශවයන් වෙත බැහැර කිරීම සම්බන්ධයෙන් කළ විගණන විමසුමේ දී හිටපු නගරාධිපති කළ තවත් වංචා රැසක් හෙළිව තිබෙනවා.

කලකට ඉහත කුරුණෑගල ශික්ෂණ රෝහල ඉදිරිපිට ඇති දැනට තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකර ඇති මෙම ඉඩමේ තිබී ඇත්තේ නගරයට පැමිණෙන සියලු ජනතාවට පාවිච්චි කිරීම සදහා වූ පොදු වැසිකිළියයි.

මෙහි පළමු මහලේ පොදු වැසිකිළිය ඉදිකරන බව දන්වා ඉඩම බදු පදනම මත ලබාගෙන ඇතත්, විගණන පරීක්ෂාවේ දී හෙළිව ඇත්තේ ඉතා ඉහළ වාණිජ වටිනාකමක් ඇති මෙම ඉඩමේ තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකර ඇති බවයි.

විගණන විමසුම අනුව හිටපු නගරාධිපතිවරයා තමාගේ බිරිඳට 2050 වසර දක්වා අවිධිමත් ලෙස රජයේ ඉඩමක් ලබා දී ඇති බව හෙළිව තිබෙනවා.

ඒ් අනුව ඉනෝෂිකා දිල්රුක්ෂි නැමැති අයට ටෙන්ඩර් පටිපාටිය අනුගමනය නොකර‌ අවිධිමත්ව තෝරාගෙන ඉඩම ලබාදී 2020 නොවැම්බර් 19 සිට 2050 දක්වා බදු ගිවිසුමක් අත්සන් කර ඇතැයි සටහන් කර තිබෙනවා.

ඉනෝෂිකා දිල්රුක්ෂි නැමැති අය කුරුණෑගල මහනගර සභාවේ නගරාධිපතිවරයාගේ භාර්යාව බැවින් සම්බන්ධිත පාර්ශව ගණුදෙනුවක් බව නිරීක්ෂණය කර ඇතැයි විගණන විමසුමේ සදහන්.

මෙපමණක් නොවේ කුරුණෑගල නගරය තම පෞද්ගලික බූදලයක් බව සිතාගෙන කුරුණෑගල හිටපු නගරාධිපති සිදුකළ තවත් වංචා රැසක් දසත නිවුස් අප ඉදිරියේ දී හෙළි කිරීමට සුදානම්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහජනයා එක්ක ගැ#ම් ඇතිවිය හැකියි..ඒක ස්වාභාවය - පොලිස් මාමා කියන්න පුළුවන් නව පොලිසියක් අවශ්‍යයි
02:33
Video thumbnail
පොලිස් නිල ඇඳුම ස්මාර්ට් වෙන හැටි ජනපති හෙළිකරයි - බොඩි කැම්, බැට්න් එක තියෙන විදියට
02:54
Video thumbnail
පොලිසියේ සැමට අවදානම් දීමනාවක් දෙනවා - බැඳෙනකොටත්,බඳිනකොටත්, විශ්‍රාම යනකොටත් කොස්තාපල්
03:03
Video thumbnail
අපරාධවලට උත්තේජයක් වෙන්නේ නිසි කාලයේ දඬුවම් නොදීම - වේගවත්ව ඔවුන්ට දඬුවම් දෙන්න ඕනි
07:08
Video thumbnail
පොලිස් නිලධාරින්ට ජනපති දුන් දැඩි අවවාදය - මිලදී ගැනීමට නොහැකි නිලධාරියෙක් වෙන්න..නිල ඇඳුම අතහරින්න
09:33
Video thumbnail
කඩවත පොලිසියට SPA සංගම්වලින් දැඩි චෝදනා - මසාජ් එකක් කියන්නේ ඇඟට හොඳ දෙයක්
11:55
Video thumbnail
ජනපති අනුර අන්කල්ගෙන් චූටි දූට ලැබුණු ආදරණීය උම්මා එක..
00:08
Video thumbnail
මම දන්නේ නෑ බාධකයක් කියලා බැරල් එකක්නේ මේ තියෙන්නේ
01:49
Video thumbnail
බැරල් එකක්නේ මේ - ඉතින් ඒක බාධකයනේ..බාධක මැද ඉස්සර කිරීම දඩ කොලයක් දෙනවා
02:57
Video thumbnail
ආදරණීයන්ගේ කඳුළු ගංඟා මැදින් ප්‍රියංකර පෙරේරාගේ අවසන් ගමන් යයි - සැවොම දේහය ළඟ හඬා වැටෙයි
01:37