මේ වනවිටත් ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ඇවිලෙමින් පවතින යුද ගැටුම් හේතුවෙන් ජේසුස් වහන්සේ උපන් නගරය වන බෙත්ලෙහෙමට මෙවර නත්තල් උත්සවය සැමරීම අහිමි වී ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ දෙපාර්ශ්වය අතර පවතින යුද්ධයේ දී ගාසා තීරයට එල්ල වූ දැඩි ආක්‍රමණය හේතුවෙන් බෙත්ලෙහෙමේ වාර්ෂික නත්තල් සැමරුම අවලංගු කර ඇති බවයි.
අනෙකුත් වර්ෂයන්වල දී නත්තල වෙනුවෙන් බෙත්ලෙහෙම බැතිමතුන්ගෙන් පිරී යනවා.
කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ බෙත්ලෙහෙමේ කිතුනුවන් නත්තල සැමරීම සඳහා නිහඬ උත්සවයක් පැවැත්වූ බවයි.
බෙත්ලෙහෙම්හි මැන්ගර් චතුරශ්‍රයේ පිහිටි නේටිවිටි දේවස්ථානයෙන් පිටත සුන්බුන් සහ රේසර් කම්බි සවිකිරීමක් මධ්‍යයේ සිටගෙන සිටින රූප සමඟ වන්දනාකරුවන් ඉටිපන්දම් දල්වා යාච්ඤා කළ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.
මේ අතර, මෙවර නත්තලේ දී ආධ්‍යාත්මික අංගයන් ආරක්ෂා කරන අතරම, චාරිත්‍රානුකූල සැමරුම් අමතක කරන ලෙස බෙත්ලෙහෙමේ කිතුනුවන්ගෙන් ඉල්ලා සිටිනවා.




