ජේසු බිළිඳා උපන් බෙත්ලෙහෙමට නත්තල අහිමි වේ

මේ වනවිටත් ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ඇවිලෙමින් පවතින යුද ගැටුම් හේතුවෙන් ජේසුස් වහන්සේ උපන් නගරය වන බෙත්ලෙහෙමට මෙවර නත්තල් උත්සවය සැමරීම අහිමි වී ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ දෙපාර්ශ්වය අතර පවතින යුද්ධයේ දී ගාසා තීරයට එල්ල වූ දැඩි ආක්‍රමණය හේතුවෙන් බෙත්ලෙහෙමේ වාර්ෂික නත්තල් සැමරුම අවලංගු කර ඇති බවයි.

අනෙකුත් වර්ෂයන්වල දී නත්තල වෙනුවෙන් බෙත්ලෙහෙම බැතිමතුන්ගෙන් පිරී යනවා.

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ බෙත්ලෙහෙමේ කිතුනුවන් නත්තල සැමරීම සඳහා නිහඬ උත්සවයක් පැවැත්වූ බවයි.

බෙත්ලෙහෙම්හි මැන්ගර් චතුරශ්‍රයේ පිහිටි නේටිවිටි දේවස්ථානයෙන් පිටත සුන්බුන් සහ රේසර් කම්බි සවිකිරීමක් මධ්‍යයේ සිටගෙන සිටින රූප සමඟ වන්දනාකරුවන් ඉටිපන්දම් දල්වා යාච්ඤා කළ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

මේ අතර, මෙවර නත්තලේ දී ආධ්‍යාත්මික අංගයන් ආරක්ෂා කරන අතරම, චාරිත්‍රානුකූල සැමරුම් අමතක කරන ලෙස බෙත්ලෙහෙමේ කිතුනුවන්ගෙන් ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වකුගඩු රෝහලේ සිදුවූ පිපිරීම ගැන ඇමති නලින්ද හෙළිකරයි - තාම අනතුරුදායක මට්ටමක තියෙන්නේ
06:03
Video thumbnail
"කාවන්තිස්ස" ඇතාගේ තුවාලයට තෙවැනි දිනටත් ප්‍රතිකාර කළ අයුරු
00:54
Video thumbnail
ලීසිං ආයතන වාහන බලෙන් ගන්න ගියොත් වෙන දේ මෙන්න ?
03:30
Video thumbnail
රුමේෂ් තරංගගේ ජපානයේ තරඟයට කළින් පියාගෙන් පණිවුඩයක් - ආදරණීය ආශිර්වාදය පුතාට ලබාදෙන්න
02:38
Video thumbnail
නාමල් හිරේ හිටියට අපේ ගේම් One, Two, Three විදියට වැඩ ටික කරනවා - නොබෝ දිනකින් ඇප ලැබෙයි
01:56
Video thumbnail
මහින්ද රාජපක්ෂ තම ලොකු පුතාට සෙත්පතා පැවත්වූ බෝධි පූජාව - "ආ මහත්තයා..මහින්ද මහත්තයා.."
03:25
Video thumbnail
සජිත්ගේ චෝදනාවට දුමින්ද දුන් පිළිතුර - මං හිතන්නේ නෑ විපක්ෂ නායක චෝදනා කළා කියලා
02:38
Video thumbnail
නෝනා Pregnant..එක්කන් යද්දි කඩාගෙන වැටුණේ - නිවසකට විශාල කොස් ගසක් කඩා වැටි සිදුවූ අනතුර
01:42
Video thumbnail
ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ඉල්ලා අත්සන් ලක්ෂ පනහක් ලබා ගැනීමේ වැඩසටහන
00:40
Video thumbnail
නිර්මාණ ශිල්පීන්ට අයිතිය තියෙනවා මුදල තීරණය කරන්න - ලක්ෂ 5ක් කිව්වත් දෙන්න ඕනි
16:53