මත් ජාවාරම්කරුවන් සහ පාතාලය මැඬලන ‘යුක්ති’ මෙහෙයුම අද සිට තාවකාලිකව නවතී (වීඩියෝ)

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ පාතාල සාමාජිකයින් සොයා දිවයින පුරා ක්‍රියාත්මක ‘යුක්ති’ විශේෂ මෙහෙයුම අද (24) දිනයේ සිට දින කිහිපයකට අත්හිටුවන බව පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ මෙම මෙහෙයුම අද (24) සිය 26 වනදා දක්වා දින තුනක් මෙලෙස අත්හිටුවනු බවයි.

ඒ, අනුව ‘යුක්ති’ විශේෂ මෙහෙයුම යළි ආරම්භ වන්නේ ලබන 27 වන බදාදා දිනයේයි.

පසුගිය 17 වනදා සමස්ත සිවයින පුරා ආරම්භ කළ මෙම විශේෂ මෙහෙයුම මඟින් මේ දක්වා පුද්ගලයින් 13666ක් අත්අඩංගුවට තිබෙනවා.

මේ අතර මෙම වටලිම්වල දී මේ දක්වා හෙරොයින් කිලෝ 09යි ග්‍රෑම් 82ක්, අයිස් කිලෝ 04යි ග්‍රෑම් 679ක්, ගංජා කිලෝ 272යි ග්‍රෑම් 967ක්, ගංජා පැල 944,651ක්, මාවා කිලෝ 117යි ග්‍රෑම් 312ක්, ඈෂ් කිලෝ 35යි ග්‍රෑම් 752ක්, හෂීෂ් ග්‍රෑම් 989ක්, තූල් කිලෝ 03යි ග්‍රෑම් 154ක්, කුෂ් ග්‍රෑම් 520ක් සහ නීති විරෝධී මත්පෙති 65,924ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.