ඉටුකම වෙබ් අඩවිය භාවිතයෙන් ඉවතට

ඉටුකම වෙබ් අඩවිය සහ Domain නාමය භාවිතයෙන් ඉවත් කිරීමට ජනාධිපති කාර්යාලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව කොවිඩ්-19 ව්‍යාප්තව පැවති අවධියේ ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට හා අරමුදල් රැස්කිරීම සඳහා භාවිතා කළ itukama.lk වෙබ් අඩවිය තව දුරටත් පවත්වා ගෙන නොයාමටයි ජනාධිපති කාර්යාලය තීරණය කර ඇත්තේ.

කොවිඩ් රෝග ව්‍යාප්තිය පාලනය කිරීමෙන් පසුව එම වෙබ් අරමුදලට බැර වූ මුදල් පිළිබඳ විස්තර වාර්තාව වෙබ් අඩවියේ මුල් පිටුවේ ඉදිරිපත් කරමින් පසුගිය 2022 වසරේ 2022 ඔක්තෝබර් මස 28 වනදා සිට බල පැවැත්වෙන පරිදි එම වෙබ් අඩවියෙහි ක්‍රියාකාරීත්වය නිම කර තිබුණා.

මේ වන විට එම වෙබ් අඩවිය මඟින් ප්‍රචාරය වෙමින් පවතින්නේ ඊට අදාළව පළ කරන ලද දැන්වීම් හා මුදල් පිළිබඳ විස්තරයක් පමණයි.

මේ වන විට මෙම වෙබ් අඩවිය භාවිතා නොකරන බැවින් එම වෙබ් අඩවි නාමය වෙනත් පාර්ශවයන් වෙතින් ලබා ගෙන අවභාවිතා කිරීමට හැකියාවක් ඇති බැවින් ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙසටයි ජනාධිපති කාර්යාලය සියළු ජනතාවට දැනුම් දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14