ශ්‍රී ලාංකේය රංග කලා ක්ෂේත්‍රය ස්වකීය විශිෂ්ට නිර්මාණවලින් සුපෝෂණය කළ කලාකරුවන් හා ශිල්පීන් ඇගයීමට ලක් කෙරෙන රාජ්‍ය නාට්‍ය උළෙල – 2022 සම්මාන ප්‍රදානෝත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මහරගම ජාතික තරුණ සේවා සභා රඟහලේ දී ඊයේ (19) පස්වරුවේ උත්කර්ෂවත් අන්දමින් පැවැත් වුණා.
බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ රාජ්‍ය නාට්‍ය උපදේශක සභාව එක්ව 50 වැනි වරට රාජ්‍ය නාට්‍ය උළෙල – 2022 සම්මාන ප්‍රදානොත්ස්වය සංවිධාන කර තිබුණා.
ශ්‍රී ලාංකීය නාට්‍ය කලාව උදෙසා කරන ලද සුවිශේෂ මෙහෙවර වෙනුවෙන් එම්. එම්. එම්. රාවුෆ් සහ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර යන අයට මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් සම්මාන පිරිනැමුණා.
ජාත්‍යන්තර වශයෙන් නාට්‍ය කලාවට කරන ලද සේවය වෙනුවෙන් හිරාන් අබේසේකර, එම්. සෆීර්, සුජීව පතිනිසේකර, බී. ඒ සුබුද්ධි ලක්මාලි සහ දේශීය නාට්‍ය කලාවේ උන්නතිය උදෙසා සිදුකරන ලද සේවාව උදෙසා නාලන් මෙන්ඩිස් යන අය වෙනුවෙන් ද මෙහදී සම්මාන පිරිනැමීම සිදුවුණා.
ස්වර්ණ ජයන්ති රාජ්‍ය නාට්‍ය උළෙල වෙනුවෙන් සමරු මුද්දරයක් එළිදැක්වීමද සිදු කෙරුණු අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ද විශේෂ සිහිවටන තිළිණයක් බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික අමාත්‍ය විදුර වික්‍රමනායක අතින් පිළිගැන්වනු ලැබුවා.
නාට්‍ය ඉතිහාසය ඇතුළු නාට්‍ය හා රංග කලාව ආශ්‍රිත ප්‍රදර්ශනයක්ද මීට සමගාමීව පැවැත්වුණ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ එය නැරඹීමට ද එක්වුණා.




