කුරියර් ක්‍රමයට මත්පෙති හා ගුලි බෙදූ වෛද්‍ය සිසුවා අත්අඩංගුවට

කුරියර් සේවා මඟින් මත්ද්‍ර‍ව්‍ය අලෙවි කළ යාපනය විශ්වවිද්‍යලයේ වෛද්‍ය පීඨයේ සිසුවෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලද තොරතුරක් මත ඊයේ (19) කෝපායි පොලිස් වසමේ සිදුකළ වැටලීමක දී මෙම වෛද්‍ය සිසුවා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

එහිදී සිසුවා සන්තකයේ තිබී මත්පෙති 11ක් සහ මදනමෝදක ගුලි 45ක් සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සිසුවා යාපනය විශ්වවිද්‍යලයේ වෛද්‍ය පිඨයේ 03 වන වසරේ ඉගෙනුම ලබන සියඹලාවැව, රූඹෑව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23ක අයෙක්.

අත්අඩංගුවට ගැනුණු සැකකාර සිසුවා වැඩිදුර විමර්ශන සඳහා කෝපායි පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
6
+1
3
+1
1
+1
2
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?