ගත වූ පැය 24ට ‘යුක්තිය’ මෙහෙයුමෙන් 2,296ක් අත්අඩංගුවේ

අද (20) අලුයම 12.30න් අවසන් වූ පැය 24ක කාලය තුළ සිදුකළ ‘යුක්තිය’ පොලිස් විශේෂ මෙහෙයුමේ දී සැකකරුවන් සැකකරුවන් 2,296ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් 109 ක් සම්බන්ධව රැදවුම් නියෝග මත විමර්ශන සිදුකර බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

සැකකරුවන් 14 දෙනෙකු සම්බන්ධයෙන් වත්කම් විමර්ශන ආරම්භ කර ඇති අතර, පුනරුත්ථාපනය සඳහා පුද්ගලයන් 184 දෙනෙකු යොමු කිරීමට කටයුතු කර තිබෙනවා.

මේ අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටින සැකකරුවන් 218 දෙනෙක් ද මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් අතර සිටින බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර ගත වූ පැය 24ක කාලය තුළ හෙරොයින් කිලෝ 01යි ග්‍රෑම් 170ක්, අයිස් ග්‍රෑම් 648ක්, ගංජා කිලෝ 11යි ග්‍රෑම් 600ක්, හෂීෂ් ග්‍රෑම් 253ක්, මාවා කිලෝ 46යි ග්‍රෑම් 285ක්, ඈෂ් ග්‍රෑම් 73ක්, කුෂ් ග්‍රෑම් 90ක්, මත්පෙති 19507ක් සහ ගංජා පැල 126,060ක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
5
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බංගලාදේශයේ යැයි කියූ දියණියගේ සහ ඉත්තෑවගේ බැඳීම - අම්මයි තාත්තයි මාධ්‍යයට හෙළිකළ දේ මෙන්න
07:44
Video thumbnail
පාරේ වාහන මැද්දේ යන දුම්රිය මැදිරි - භාණ්ඩ ප්‍රවාහන මැදිරි රැගෙන යන අයුරු
02:00
Video thumbnail
හැමෝම බලාගෙන හිටපු සිංහ පැටව් දෙන්නටත් නම් තියයි - දෙහිවල සත්වෝද්‍යානයට අවුරුදු 90යි
05:48
Video thumbnail
කල් ඉකුත්වූ අමුද්‍රව්‍ය යොදා බේකරි නිෂ්පාදන කළ වෙළෙඳ සැලක් වටලයි - කල් ඉකුත්වෙලා අවුරුදු 3ක් වෙනවා
01:26
Video thumbnail
ආණ්ඩුව කරන්න බැරිනම් දාලා යන්න - ගොවි පුතා රජ වුණාට පස්සේ ඇයි මෙහෙම අපහාස
07:22
Video thumbnail
දරුවන්ට නොමිලේ හෙල්මට් දුන්න දඹුල්ල පොලිසියේ උතුම් ක්‍රියාව - "ළමයින්ට හෙල්මට් නෑ තාත්තා දාගෙන"
04:26
Video thumbnail
ගොයියෝ කියන්නේ ටො#යියෝ බයියෝ නෙවෙයි - ගොයියා බහිනවා කියන්නේ බහිනවා තමයි
07:09
Video thumbnail
ගොවියෝ ඇවිත් රඹෑව ප්‍රා.ලේකම් කාර්යාලය වටලයි - ලේකම්තුමා නැට්ට පු# ගහගෙන ඉන්නේ
03:50
Video thumbnail
අධිකරණය ඉදිරියේ යකා නටපු මාලිමා පාක්ෂිකයා..පොලිසියෙන් පන්නයි - ශානි මහත්තයාට ජයවේවා
01:21
Video thumbnail
රටේ තියෙන හොඳම කණ්ඩායම ඉන්නේ දැන් සජබයේ - කුණුගොඩවල් කොහෙත්ම අවශ්‍ය වෙන්නේ නෑ
05:00