දක්ෂිණ අධිවේගී මාර්යේ පස් කන්දට යට වූ සැරයන් ජිවිතක්ෂයට

පසුගිය ඔක්තෝබර් මස 11 වැනි දා අධික වර්ෂාවත් සමඟ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝ මීටර 105 ආසන්නයේ මෙම පස්කඳු කඩා වැටීම සිදුවිය.  එම අනතුරින් තුවාල ලැබූ විශේෂ කාර්ය බළකායේ සැරයන් වරයා අසාධ්‍ය තත්වයෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අතර එම විශේෂ කාර්ය බළකා සැරයන්වරයා අද (18) උදෑසන මියගිය බව කරාපිටිය රෝහල් පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කළුතර උතුර, සිරි සද්ධාතිස්ස මාවතේ පදිංචිව සිටි වන්කුවත්ත වඩුගේ දමිත්  නිශාන්ත ප්‍රනාන්දු නමැති 42 හැවිරිදි දෙදරු පියෙකි.මෙම මරණය සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණය අද (18) කරාපිටිය රෝහලේ හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා විසින් සිදුකිරීමට නියමිතව තිබිණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
3
+1
0
+1
1
+1
13
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?