14 හැවිරිදි බාලවයස්කරුවා අට හැවිරිදි දැරිය දූෂණය කරලා

වයස අවුරුදු 14ක බාලවයස්කරුවෙක් විසින් අට හැවිරිදි දැරියක් දූෂණය කළ පුවතක් ඉන්දීය මාධ්‍ය අද (18) වාර්තා කර තිබුණා.

එම මාධ්‍ය වාර්තාවල දැක්වෙන ආකාරයට ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ බලියා නම් ප්‍රදේශයේ මෙම සිද්ධිය සිදුව තිබෙනවා.

08 හැවිරිදි දැරියගේ අසල්වැසි නිවසක පදිංචිව සිටි බාලවයස්කරුවා ඇයව රවටාගෙන හුදකලා ස්ථානයකට කැඳවාගෙන ගොස් මෙම අපරාධය සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

සැකකාර බාලවයස්කරුවා විසින් තම ජංගම දුරකථනයෙන් අසභ්‍ය වීඩියෝ පටයක් නැරඹීමෙන් පසු අපරාධය සිදුකර ඇති බවට කරුණු අනාවරණය වී තිබෙනවා.

මෙම සැකකරු ඊයේ (17) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහයේ සහ ලිංගික අපරාධවලින් ළමුන් ආරක්ෂා කිරීමේ (POCSO) පනතේ අදාළ වගන්ති යටතේ ඔහුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව ඉන්දීය පොලීසිය සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25
Video thumbnail
වී ලොරිය පසුපස හඹා ආ වන අලියා - අලියට බයේ රිවස් එකට ගිය වාහන
00:51
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21