ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව නායකයන්

ශ්‍රී ලංකා කණ්ඩායමේ ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස මාදිලි තුන සඳහා නව නායකයන් පත්කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වනවා.

උපුල් තරංගගේ සභාපතිත්වයෙන් යුත් නව තේරීම් කමිටුව මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ටත්, ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ධනංජය ද සිල්වාටත්, විස්සයි විස්ස නායකත්වය වනිඳු හසරංගටත් ලබාදීමට තේරීම් කමිටුවේ අවධානය යොමුවී ඇති බව සඳහන්.

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නිත්‍ය නායකත්වය කුසල් මෙන්ඩිස්ට සහ උප නායකත්වයට චරිත් අසලංකට ලබා දීමට ද නව තේරීම් කමිටුව සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ උප නායකත්වය කුසල් මෙන්ඩිස්ට ලබාදීමට නව තේරීම් කමිටුව තීරණය කර ඇති බව සඳහන්.

විස්සයි විස්ස කණ්ඩායමේ උප නායකත්වය ද චරිත් අසංලකට ලබා දීමට නව තේරීම් කමිටුව තීරණයට කර තිබෙනවා.

උපුල් තරංගගේ සභාපතිත්වයෙන් යුත් නව ක්‍රිකට් තේරීම් කමිටුව ලබන සඳුඳා යළි රැස්වීමට නියමිතයි.

එහිදී ලබන ජනවාරි මාසයේ ආරම්භ වන ශ්‍රී ලංකා – සිම්බාබ්වේ ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට නියමිත අතර නායකත්වය පිළිබඳව ද එහිදී අවසන් තීරණය ගනු ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
20
+1
3
+1
15
+1
2
+1
4
+1
1
+1
15
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09