spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව නායකයන්

ශ්‍රී ලංකා කණ්ඩායමේ ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස මාදිලි තුන සඳහා නව නායකයන් පත්කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වනවා.

උපුල් තරංගගේ සභාපතිත්වයෙන් යුත් නව තේරීම් කමිටුව මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ටත්, ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ධනංජය ද සිල්වාටත්, විස්සයි විස්ස නායකත්වය වනිඳු හසරංගටත් ලබාදීමට තේරීම් කමිටුවේ අවධානය යොමුවී ඇති බව සඳහන්.

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නිත්‍ය නායකත්වය කුසල් මෙන්ඩිස්ට සහ උප නායකත්වයට චරිත් අසලංකට ලබා දීමට ද නව තේරීම් කමිටුව සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ උප නායකත්වය කුසල් මෙන්ඩිස්ට ලබාදීමට නව තේරීම් කමිටුව තීරණය කර ඇති බව සඳහන්.

විස්සයි විස්ස කණ්ඩායමේ උප නායකත්වය ද චරිත් අසංලකට ලබා දීමට නව තේරීම් කමිටුව තීරණයට කර තිබෙනවා.

උපුල් තරංගගේ සභාපතිත්වයෙන් යුත් නව ක්‍රිකට් තේරීම් කමිටුව ලබන සඳුඳා යළි රැස්වීමට නියමිතයි.

එහිදී ලබන ජනවාරි මාසයේ ආරම්භ වන ශ්‍රී ලංකා – සිම්බාබ්වේ ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට නියමිත අතර නායකත්වය පිළිබඳව ද එහිදී අවසන් තීරණය ගනු ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
20
+1
3
+1
15
+1
2
+1
4
+1
1
+1
15
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?