විශාල පිරිසකට උසස් අධ්‍යාපනයේ දොරටු විවර කරමින් මහපොළ ප්‍රදර්ශනය නැවත ඇරඹෙයි

දැනුමින් සන්නද්ධ පුරවැසියන් නිර්මාණය කරමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් ඇති කිරීමට මෙන්ම විවෘත ආර්ථිකයේ ප්‍රතිලාභ ගමට ගෙන යාමට මහපොළ තුළින් හැකි වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

දස වසරකට පසු නැවත මහපොළ අධ්‍යාපන හා වෙළෙඳ ප්‍රදර්ශනය ආරම්භ කිරීම තුළින් විශාල පිරිසකට උසස් අධ්‍යාපනයේ දොරටු විවර වන බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

හිටපු අමාත්‍ය දිවංගත ලලිත් ඇතුලත්මුදලි මහතා මහපොළ ශිෂ්‍යත්ව අරමුදල අරඹමින් මෙරට අධ්‍යාපනයට කළ සේවාවට කෘතවේදීත්වය පළ කරමින්, සීතාවක විශ්වවිද්‍යාලයේ පර්යේෂණ සඳහා වන පශ්චාත් උපාධි මධ්‍යස්ථානය(Post Graduate for Research ) ඔහු නමින් නම් කරන බව ද සඳහන් කළා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මහපොළ 2023 ප්‍රදර්ශනයේ දෙවන දිනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඊයේ (14) පස්වරුවේ එක්වෙමින්.

වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය සංවිධානය කරන වසරේ දැවැන්තම අධ්‍යාපන සහ වෙළඳ ප්‍රදර්ශනය වන මහපොළ 2023 ප්‍රදර්ශනය ජාඇල නගර සභා පිටියේදී පසුගිය 13 වනදා ආරම්භ කෙරුණා.

මෙරට දිළිඳු දෙමව්පියන්ගේ දරුවන් අධ්‍යාපනිකව ඉහළට ඔසවා තැබීමේ අරමුණින් හිටපු අමාත්‍ය දිවංගත ලලිත් ඇතුලත්මුදලි මහතා විසින් ආරම්භ කළ මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදලට ආධාර පිණිසයි මහපොළ වෙළෙඳ ප්‍රදර්ශනය ආරම්භ කරනු ලැබුවේ.

226 වන මහපොළ ප්‍රදර්ශනය මෙවර පැවැත්වෙන්නේ වසර 10කට පසුව වීම විශේෂත්වයක් වන අතර මෙම ප්‍රදර්ශනය දෙසැම්බර් 17 වනදා තෙක් පැවැත් වෙනවා.

නව නිපැයුම්කරුවන්ට මෙන්ම ව්‍යවසායකයන්ට ඔවුන්ගේ නිෂ්පාදන වෙළෙඳපොළක් ලබා ගැනීමට අවස්ථාව සළසා දෙමින් විවිධ වර්ගයේ ප්‍රදර්ශන කුටි 350කට අධික සංඛ්‍යාවකින් ප්‍රදර්ශනය සමන්විතයි.

එහි දෙවන දිනය වන ඊයේ දිනය අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කර තිබූ අතර ජනාධිපතිවරයා ප්‍රදර්ශන කුටි නැරඹීමට ද එක් වුණා.

ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි පාසල් සිසුන් සමඟ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුහද පිළිසඳරක ද නිරත වී තිබෙනවා.

ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල සඳහා මාර්ගගත පරිත්‍යාග පහසුකම් (online donation facility) සඳහා වන www.eservices.mahapola.lk වෙබ් අඩවිය ආරම්භ කිරීම ද ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණා.

එම අරමුදල වෙනුවෙන් පළමු පරිත්‍යාගය පරාක්‍රම බණඩාර මහතා විසින් මෙහිදී සිදු කළා.

මහපොළ 2023ට සමගාමීව පවත්වන ලද චිත්‍ර, රචනා, කෙටි චිත්‍රපට සහ වීදි නාට්‍ය තරගවල ජයග්‍රාහකයින් තිළිණ ප්‍රදානය කිරීමටද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17