SKY, මැක්ස්වෙල් සහ රෝහිත් අතරට එක්වෙද්දී, ඉන්දියාව විස්සයි විස්ස සමකරයි

දකුණු අප්‍රිකාව සමඟ ඊයේ (14) පැවති තුන්වන විස්සයි විස්ස තරගය ජයගන්නට සංචාරක ඉන්දීය කණ්ඩායමට හැකියාව ලැබුණා.

දකුණු අප්‍රිකාව පරදා ඉන්දියාව මෙම තරගය ජයගත්තේ ලකුණු 106කින්.

ජොහැන්නස්බර්ග් හිදී පැවති මෙම තරගයේ දී පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය පිළ පන්දුවාර 20 තුළ කඩුලු 07ක් දැවී ලකුණු 201ක ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

මෙහිදී ඉන්දීය ඉනිම වෙනුවෙන් නායක සූර්යකුමාර් යාදව් පන්දු 56ක් තුළ වේගවත් ශතකයක් රැස් කිරීමට සමත් වුණා.

සූර්යකුමාර් ඊයේ රැස්කළ මෙම ශතකය ඔහුගේ සිව්වන ජාත්‍යනතර විස්සයි විස්ස ශතකය වන අතර, ඒ සමඟ ඔහු විස්සයි විස්ස වැඩිම ශතකලාභීන් අතර රෝහිත් ශර්මා සහ ග්ලේන් මැක්ස්වෙල් සමඟ සමතැන ගන්නට සමත්වීම ද විශේෂත්වයක්.

පන්දු යැවීමේ දී කේෂව් මහාරාජ් සහ ලිසාඩ් විලියම්ස් ඉන්දීය ඉනිමේ කඩුලු 02 බැඟින් බිද දැමුවා.

අනතුරුව ලකුණු 202ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකානු පිතිකරුවන් සියල්ල පන්දුවට 13යි පන්දු 05ක් තුළ ලකුණු 95කට සිමාකරන්නට ඉන්දීය පන්දු යවන්නන්ට හැකියව හිමි වුණා.

එහිදී කුල්දීප් යාදෙව් දකුණු අප්‍රිකානු ඉනිමේ කඩුලු 05ක් බිඳ දැමුවේ පන්දුවාර 02යි පන්දු 05ක් තුළ ලකුණු 17ක් පමණක් ලබාදෙමින්.

ඒ, අනුව මෙම තරගය ජයගත් ඉන්දීය කණ්ඩායම තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය එකට එකක් ලෙස සම කරන්නට සමත් වුණා.

තරගාවලියේ පළමු තරගය වර්ෂාව හේතුවෙන් පැවැත්වීමට නොහැකි වූ අතර, දෙවන තරගය දකුණු අප්‍රිකාව කඩුලු 05කින් ජයගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02