ඉදිරියේදී බස් ගාස්තු වැඩිවීමක් ගැන බස් ගැමුණුගෙන් රතු එළියක්

ජනවාරි මාසය තුළ වැට් බදු වැඩි වීමත් සමඟ බස් ගාස්තු සංශෝධනයක් ද සිදුවිය හැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේ,මේ සම්බන්ධයෙන් ඉදිරියේ දී ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට කටයුතු කරන බවයි

වැට් එකේ 18% වැඩි වීමත් එක්ක සාමාන්‍යයෙන් තව ලක්ෂ 20ක්වත් වැඩිවෙනවා. ඒ ගාණට බස් එකක් ගෙනල්ලා සාමාන්‍ය ජනතාව ප්‍රවාහනය කරන්න බස්හිමියන්ට හැකියාවක් නෑ. ඒ හා සමඟම අමතර කොටස් මිල, තෙල් මිල, සේවා ගාස්තු සියල්ලම වැඩිවෙනවා.

බරපතළම කරුණ තමා ඉන්ධන මිල වැඩිවීම. වැට් එක ඉන්ධනවලට ආදේශ කරලා තියෙනවා.එතකොට අනිවාර්යයෙන්ම ඩීසල් මිලත් වැඩිවෙනවා.අවධානම තියෙන්නේ ජනතාවට. මේ සියල්ල වැඩිවුණොත් නැවත වරක් බස් ගාස්තු වැඩි කිරීමේ ප්‍රවණතාවයක් තියෙනවා.
ඒ ගැන ජනාධිපතිවරයා සමග සහ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සමග කඩිනමින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?