රුපියල් ලක්ෂ 50 ක් වටිනා ඇමෙරිකානු ඩොලර් තොගයක් සොරා ගත් චීන ජාතිකයා සොයා විමර්ශන 

ඕමාන ගුවන් සේවයට අයත් යානයක ව්‍යාපාරික පංතියේ පැමිණි ලෙබනන ජාතිකයෙකුගේ අත් බෑගයේ තිබූ රුපියල් ලක්ෂ 50 ක් පමණ වටිනා (ඇමෙරිකානු ඩොලර් 14,000 ක) මුදලක් සොරා ගත් චීන ජාතිකයා අත්අඩංගුවට ගැනීමට කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය සහ ගුවන් තොටුපොළ සංචාරක පොලිසිය (13) දින රාත්‍රී ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කළා .

47 හැවිරිදි ලෙබනන ජාතික ව්‍යාපාරිකයෙකු සිය මවට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සදහා ඇය සමග (13) දින උදෑසන 07.20 ට ඕමානයේ මස්කට් නුවර සිට ඕමාන් ගුවන් සේවයේ ඩබ්ලිව්.වයි.- 371 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා .

මෙම ව්‍යාපාරිකයා සහ ඔහුගේ මව මෙම ගුවන් යානයේ ව්‍යාපාරික පංතියේ ආසන වල පැමිණ තිබූ අතර , ඔවුන් සමග චීන ජාතිකයෙකු ඇතුළු තවත් තිදෙනකු ද පැමිණ තිබුණා .

මෙම ලෙබනන ජාතික ව්‍යාපාරිකයාගේ අත් බෑගය ගුවන් යානය තුළ , මගී ආසන වලට ඉහළින් ඇති ගමන් මලු රදවනය තුළ තැබීමට පියවර ගෙන තිබුණි .

මෙම ගුවන් යානය රාත්‍රී කාලයේ ගමන් කරමින් තිබූ අතර , ගුවන් යානය තුළ විදුලි පහන් නිවා දමා , ගුවන් මගීන්ට සුවදායක නින්දක් සදහා අවශ්‍ය පසුබිම සකස් කර තිබුණි .මේ අවසරයෙන් , මෙම ගුවන් යානයේ ව්‍යාපාරික පංතියේ සිටි චීන ජාතිකයා , ලෙබනන ජාතික ව්‍යාපාරිකයාගේ අත් බෑගය විවෘත කර , එහි වූ මුදල් පසුම්බියේ තිබූ ඇමෙරිකානු ඩොලර් 14,000 ක මුදල සොරා ගෙන , ඒ වෙනුවට ඊජිප්තු මුදල් ඒකකයේ පහේ නෝට්ටු 18 ක මිටියක් , එම මුදල් පසුම්බිය තුළට දමා තිබේ .

මේ කිසිවක් නොදත් ලෙබනන ව්‍යාපාරිකයා , ගුවන් යානයෙන් බැස කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ වූ බැංකු වෙත පැමිණියේ සිය ඇමෙරිකානු මුදල් ශ්‍රී ලංකා රුපියල් වලට මාරු කර ගැනීමටය .එහෙත් තම පසුම්බියේ වූ ඇමෙරිකානු ඩොලර් 14,000 ක මුදල අස්ථාන ගත වීම පිළිබඳ කටුනායක ගුවන් තොටුපොළ සංචාරක පොලිසිය සහ ගුවන් තොටුපොළ පොලිසිය වෙත පැමිණිළි කිරීමට කටයුතු කර තිබුණි .

ඒ අනුව මේ පිළිබඳ දැනට අතුරුදන් වී ඇති චීන ජාතිකයා අත්අඩංගුවට ගැනීමට කටයුතු ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
5
+1
0
+1
4
+1
3
+1
3
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල බෙහෙත් ගෙනාවේ ආණ්ඩුවෙන් ද..?
10:29
Video thumbnail
කදපොළට අධික වර්ෂාපතනයක් ඇදහැලෙයි..මුළු පළාතක්ම මීදුමකින් වැසෙයි
02:25
Video thumbnail
දිස් ඉස් බිග් කුච්චන් - ගංජා පැල ටිකක් ඇවිල්ලා තියෙන්නේ
03:17
Video thumbnail
මන්ද බුද්ධික පාලකයන්ව ස්වභාව ධර්මයෙන් ඉවත් කරනවා..රන්වලගේ කෙරුවාව හොඳටම දන්නේ රනිල්
05:20
Video thumbnail
බාල බෙහෙත් ගැන ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
11:17
Video thumbnail
මුන් තියන් ඉන්නේ කකුල් දෙක මිරිකන්නද?..මාලිමාවට හැමදාම බලය නෑ..බලය ටික කාලයයි
05:17
Video thumbnail
අවතැන් වූවන් ආහාර සහ පහසුකම් ඉල්ලා උද්ඝෝෂණයක
03:08
Video thumbnail
කාලගුණ තොරතුරු ඉල්ලා සමගියේ සෙට් එකක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවට..
08:03
Video thumbnail
මම තරහා නෑ - සජිත් හිනා වෙවී මාධ්‍යවේදීන්ට කිව්ව දේ
01:25
Video thumbnail
ජීවිත හානි අවම කරගන්න තිබුණු අවස්තාව ආණ්ඩුව නැතිකරලා දැම්මා
10:18


?