ගුවන් යානයක් තුළදී ශ්‍රී ලාංකික දැරියක් අපයෝජනය කළ ඉන්දීය ජාතිකයෙක් අත්අඩංගුවට

සෞදි අරාබියේ රියාද් නුවර සිට කටුනායක වෙත පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානයක් තුළ ගමන් ගත් ශ්‍රී ලාංකික කුඩා දැරියක් ලිංගික අතරවරයකට ලක් කිරීමට සම්බන්ධ ඉන්දීය ජාතිකයෙකු ගුවන් යානා කාර්යය මණ්ඩලය විසින් අත් අඩංගුවට ගෙන කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාර දී තිබෙනවා.

අද උදෑසන 07.20ට රියාද් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL- 266 දරන ගුවන් යානය තුළදීයි මෙම ලිංගික අතවරය සිදු කර ඇත්තේ.

සැකකරු 49 හැවිරිදි ඉන්දීය ජාතික වඩු කාර්මික ශිල්පියෙක්.

ඔහු මෙම ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ වෙනත් ගුවන් යානයකින් යළි ඉන්දියාව වෙත පිටත්ව යාම සදහා පැමිණෙමින් සිටි සංක්‍රමණික ගුවන් මගියෙක් බව සඳහන්.

සෞදි අරාබියේ රැකියාවක නිරත තම පියා බැලීමට ගොස් ආපසු පැමිණෙමින් සිටි අවිස්සාවේල්ල ගැටහැත්ත ප්‍රදේශයේ පදිංචි මවක සහ ඇයගේ කුඩා දැරියන් දෙදෙනා ද මෙම ගුවන් යානයේ ගමන් කර තිබුණා.

ඔවුන් අතරින් අවුරුදු 08යි මාස 10ක් වයසැති කුඩා දැරිය මෙම ඉන්දීය ජාතිකයා විසින් ලිංගික අතවරයකට ලක් කර තිබූ අතර ඒ පිළිබඳව ගුවන් යානා කාර්යය මණ්ඩලය වෙත පැමිණිළි කිරීමට දැරියගේ මව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමෙන් අනතුරුව මෙම ඉන්දීය ජාතිකයා අත්අඩංගුවට ගෙන ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාර දීමටයි ගුවන් යානා කාර්යය මණ්ඩලය පියවර ගෙන ඇත්තේ.

මේ වනවිට අතවරයට පත් ශ්‍රී ලාංකික දැරිය සහ ඉන්දීය ජාතිකයා මීගමුව මහ රෝහල වෙත වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා.

අනතුරුව මෙම ඉන්දීය ජාතිකයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි ගුවන් තොටුපොළ පොලිසිය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08