AFC Banner
Empty Ad
Empty Ad

නව ක්‍රිකට් තේරීම් කමිටුවක් පත් කෙරේ

ඉදිරි තරගවලට සහභාගී වන ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම තේරීම සඳහා නව තේරීම් කමිටුවක් නම්කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ වහාම ක්‍රියාත්මක වන පරිදි ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු විසින් මෙම නව කමිටුව පත්කර ඇති බවයි.

ජාතික කණ්ඩායම් තේරීම සඳහා වසර දෙකක කාලයක් සඳහා නව ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කරනු ඇති.

කමිටුවේ සාමාජිකයන්

උපුල් තරංග – සභාපති

අජන්ත මෙන්ඩිස්

ඉන්දික ද සේරම්

තරංග පරණවිතාන

දිල්රුවන් පෙරේරා

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම් කර ඇති නම් සැලකිල්ලට ගනිමින් අමාත්‍යවරයා මෙම පත්කිරීම් සිදු කළ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

තේරීම් කමිටුවේ පළමු නිල කාර්යය වනුයේ 2024 සිම්බාබ්වේ සංචාරය සඳහා ජාතික සංචිතය තෝරා ගැනීමයි.

SLC 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?