ගංවතුර ගැන අනතුරු ඇඟවීමක්

කළු ගඟේ අතු ගංගාවක් වන කුඩා ගඟ ආශ්‍රිත පහත් බිම්වල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා

කුඩා ගඟේ පෝෂක ප්‍රදේශවලට තවදුරටත් වර්ෂාව ලැබෙමින් පවතින බවත් ඒ අනුව ඉදිරි පැය 3ත් 24ත් අතර කාලය තුළදී බුලත්සිංහල, මදුරාවල සහ පාලින්දනුවර ආශ්‍රිත පහත්බිම්වල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

මේ හේතුවෙන් කුඩා ගඟ අවට පහත් බිම් හරහා වැටී ඇති අතුරු මාර්ග ජලයෙන් යටවීමේ දැඩි අවදානමක් පවතී.එම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙසට එම ප්‍රදේශවල පදිංචි ජනතාවගෙන් සහ රථවාහන පදවන්නන්ගෙන් ඉල්ලා සිටී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?