වතුයායේ ඇල මාර්ගයකින් කාන්තා මළ සිරුරක් හමු වෙයි

නොර්වුඩ් පොලිස් බල ප්‍රදේශයේ එල්බඩ වතුයායේ ඇල මාර්ගයක තිබි කාන්තා මළ සිරුරක් අද 11වන දින සවස 5.00ට පමණ හමුවි ඇති බව නොර්වුඩ් පොලිසිය පවසයි.

මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු නොර්වුඩ් පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ නොර්වුඩ් එල්බඩ වතුඅයායේ ඇල මාර්ගයක තිබි හමුවු මළ සිරුර එම වතුයායේ උඩ කොටසේ පදිංචිව සිටි අවුරුදු 80ක් පමණ වයසැති මුත්තු වීරඅම්මාන් යන අයගේ බවට හදුනා ගෙන ඇති බවයි.

මෙම කාන්තාව මෙයට දින කිපයකට පෙර නිවසින් අතුරුදහාන්ව ඇති බවට මියගිය අයගේ ඥතින් පවසා ඇති බවත් මෙම මරණය පිලිබදව නොර්වුඩ් පොලිසිය වැඩි දුර පරික්ෂන ආරම්භ කර ඇති බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?