නීතියට පිටින් යන්න කාටවත් බෑ -කතරගම බස්නායක නිලමේ

රටේ නීතියට පිටින් කිසිවකුටත් කටයුතු කළ නොහැකි බව රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ දේවාලයට පඬුරු ලෙස ලැබුණු පවුම් 38ක් බර රත්‍රං තැටියක් අතුරුදන්වීම සම්බන්ධයෙන් ප්‍රධාන කපු මහතා සහ දේවාලයේ ගබඩා භාරකරු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා ලබාදී ඇති නියෝග පිළිබඳ අදහස් දක්වමින්.

මෙම නියෝගය කොළඹ අපරාධ කොට්ඨාසය වෙත ඊයේ ලැබූ තිබූ අතර මෙතෙක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන නැහැ.

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා නොහොත් අංගොඩ ලොක්කාගේ බිරිඳ විසින් සිය පුතුගේ අපල දුරු වීම සදහා රුහුණු මහා කතරගම දේවාලයට පූජා කළ පවුම් 38ක රත්‍රං තැටිය අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සොමිපාල රත්නායක සහ දේවාලයේ ගබඩා භාරකරු සමන් ප්‍රියන්ත මුණසිංහ යන සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කර තිබුනේ ඊයේ දිනයේදීයි.

ඒ් කතරගම දේවාලයට පූජ කළ අදාළ රත්‍රං තැටිය අතුරුදහන් බවට දේවාලයේ බස්නායක නිළමේ වන ඩිෂාන් ගුණසේකර මහතා කළ පැමිණිල්ලක විමර්ශනවලට අනුවයි.

මේ අතර අදාළ චෝදනාව එල්ලවී සිටින දේවාලයේ ගබඩා භාරකරු සමන් ප්‍රියන්ත මුණසිංහ මහතා දසත නිවුස් වෙත කියා සිටියේ මෙම සිද්ධියට තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.

තමා සොමිපාල රත්නායක ප්‍රධාන කපු මහතාගේ උපදෙස් අනුව ක්‍රියාකරන බව පැවසූ දේවාල ගබඩා භාරකරු පැවසුවේ බස්නායක නිලමේවරයාගේ උපදෙස් මත නැති වූ තැටිය වෙනුවට වෙනත් තැටියක් ගෙනැවිත් තැබූ බවයි.

තමන් සතුව තිබූ පවුම් 15ක ගෙල බඳින රන් දම්වැලක් සහ අත්පළඳනාවක් ලබා දී රන් තැටිය සකස් කර ගත් බවත් එහි වියදම් තමන්ගේ මුත්තණුවන් වන සොමිපාල රත්නායක ප්‍රධාන කපු මහතා විසින් පියවන බවට පොරොන්දු වූ බවත් ගබඩා භාරකරු සමන් ප්‍රියන්ත පැවසුවා.

කෙසේ වෙතත් මෙතෙක් එම ගාස්තු තමන්ට ආපසු ලබා නොදුන් බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර දැනට සිදු කෙරෙන විමර්ශන සම්බන්ධයෙන් රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා ද මාධ්‍ය වෙත අදහස් පළ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39