දෝහා සංසදයට සහභාගී වෙන්න විදේශ ඇමති කටාර් රාජ්‍යයට

දෝහා සංසදයට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යවරයා කටාර් රාජ්‍යයේ නිල සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.

හෙට (09) සිට ලබන 12වනදා දක්වා ඇමතිවරයා මෙම චරිකාවේ නිරතවන බවයි විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කළේ.

‘බහු ධ්‍රැවීය ජාත්‍යන්තර අනුපිළිවෙලෙහි BRICS නැගී එන බලපෑම’ යන මාතෘකාව යටතේ අමාත්‍යවරයා ඉහළ මට්ටමේ මණ්ඩල සැසියට සහභාගී වනු ඇති.

දෝහා සංසදය යනු කටාර් රාජ්‍යය විසින් අනුග්‍රහය දක්වන ගෝලීය වේදිකාවක් වන අතර, ලෝකය මුහුණ දෙන තීරනාත්මක අභියෝග සාකච්ඡා කිරීමට නායකයින් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් එකට ගෙන ඒම සහ නව්‍ය සහ ක්‍රියාකාරී ජාලයන් ගොඩනැගීම අරමුණු කර ගෙන ක්‍රියාත්මක වනවා.

මෙම චාරිකාවේ දී ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා, කටාර් රාජ්‍යයේ අග්‍රාමාත්‍යවරයා ද වන විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවීමට නියමිත අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වැඩිදියුණු කර ගැනීම පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතයි.

එමෙන්ම අමාත්‍යවරයා කටාර් ආයෝජන අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ කටාර්හි ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික ආයතන ද හමුවීමට නියමිත බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:28
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු - පොහොට්ටු ප්‍රබලයින් රැසක්ම ඇවිත්
00:52
Video thumbnail
බුද්ධශාසන සභාව හදිසියේම රැස්වෙයි - 2027 සිංහල අලුත් අවුරුදු නැකත් සීට්ටුවත් ලබාදෙයි
02:47
Video thumbnail
යහපාලන කාලේ ශානි අපිත් එක්ක වැඩ කළා - මේ ආණ්ඩුව හොර වැඩ කරන්නෙත් එළිපිට
09:00
Video thumbnail
ආණ්ඩුවෙන් දෙකෙන් පංගුවක් මහණවෙලා හිටපු එවුන් - මේකේ ඉදලා ශාසනයම කාලා ගිය එවුන්..අද බනිනවා මුන්
01:39
Video thumbnail
ඉතාලි තානාපතිවරයා, ඇමති වසන්ත හමුවෙයි
01:34
Video thumbnail
බිරිඳගේ උපන්දිනයට සැමියා ගමටම දීපු එළවලු දන්සල
01:05