AFC Banner
AFC Banner
Empty Ad

නිවුන් බිළිඳුන් දෙදෙනා විකිණූ සිද්ධියේ සැකකාරියන්ට ඇප – මව දරුවන්ව ප්‍රතික්‍ෂ්ප කරයි (වීඩියෝ)

දින 07ක් වයසැති නිවුන් බිළිඳුන් දෙදෙනෙක් මුදලට අලෙවි කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි කාන්තාවන් තිදෙනා ඇප මත මුදාහැර තිබෙනවා.

ඒ, අදාළ සැකකාරියන් තිදෙනා අද (08) දිනයේ වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එහිදී එක් අයෙකුට රුපියල් ලක්ෂය බැඟින් වූ ශරීර ඇප මත නිදහස් කිරීමටයි මෙහිදී අධිකරණය නියෝග කළේ.

සතියක් වයස නිවුන් බිළිඳුන් දෙදෙනෙකු මුදලට අලෙවිකළ සිද්ධියක් සම්බන්ධයෙන් අදාළ බිළිඳුන් දෙදෙනාගේ මව සහ එම බිළිඳුන් දෙදෙනා මිල දී ගත් බව කියන රාගම සහ කැලණිය යන ප්‍රදේශ වල පදිංචි කාන්තාවන් දෙදෙනා රාගම පොලිසිය මඟින් ඊයේ (07) අත්අඩංගුවට ගැනුණා.

එහිදී ඔවුන්ව ඊයේ (07) දිනයේ දීම වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර, එහිදී නියෝග කළේ අද (08) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසයි.

ඒ අනුවයි සැකකාරියන් තිදෙනා අද (08) යළිත් අධිකරණය හමුවට ඉදිරිපත් කළේ.

මෙහිදී අධිකරණය බිළිඳුන් දෙදෙනා පරිවාස භාරයට පත් කරනු ලැබූ අතර, මෙම නඩුව ලබන ජනවාරි 12 වනදා කැඳවන බව දැනුම් දුන්නා.

මේ අතර බිළිඳුන් දෙදෙනා භාරගැනීමට 29 හැවිරිදි මව ප්‍රතික්‍ෂ්ප කර ඇති බවයි වාර්තා වුණේ.

පිළියන්දල ප්‍රදේශයේ පදිංචි එම මව පසුගිය දා කොළඹ කාසල් රෝහලේ දී මෙම නිවුන් දරුවන් බිහිකර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
5
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?