මඩකලපුව, මාන්කේනි ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන ගිය කපුවෙකු විසින් සිදු කළ පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එම දේවාලයෙන් සුවය පතා පැමිණි පුද්ගලයෙක් බවයි වාර්තා වුණේ.
කපුවා විසින් එල්ල කළ මෙම ප්‍රහාරයෙන් ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ සහෝදරිය ද බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.
ප්‍රහාරයෙන් පසු සැකකාර කපුවා පළාගොස් ඇති අතර, ඝාතනයට ලක්ව ඇත්තේ 58 හැවිරිදි වියේ පසු වූ අනුර ජයලත් නැමැති මඩකලපුව ප්‍රදේශයේ පදිංචි අයෙක්.
කකුලේ තිබූ රෝගී තත්ත්වයක් සුවපත් කර ගැනීම සඳහා අදාළ පුද්ගලයා සිය සහෝදරිය සමඟ පෙරේදා (06) දින දේවාලයට ගොස් ඇති අතර, එහිදී මෙම පුද්ගලයා සහ කපුවාගේ බිරිඳ අතර සම්බන්ධයක් ගොඩනැඟී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
එය සැලසූ පසු සැකකාර කපුවා විසින් මෙම පහරදීම සිදුකර මෙම ඝාතනය ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.
එලෙස පහරදීමෙන් පසු ඔවුන් පැමිණ තිබූ මෝටර් රථයට ද කපුවා විසින් දැඩි අලාභහානි සිදුකර පළාගොස් තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වාකරේ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.