දේවාලයේ කපුවා රෝගියාව පරලොව යවලා (ඡායාරූප)

මඩකලපුව, මාන්කේනි ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන ගිය කපුවෙකු විසින් සිදු කළ පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එම දේවාලයෙන් සුවය පතා පැමිණි පුද්ගලයෙක් බවයි වාර්තා වුණේ.

කපුවා විසින් එල්ල කළ මෙම ප්‍රහාරයෙන් ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ සහෝදරිය ද බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රහාරයෙන් පසු සැකකාර කපුවා පළාගොස් ඇති අතර, ඝාතනයට ලක්ව ඇත්තේ 58 හැවිරිදි වියේ පසු වූ අනුර ජයලත් නැමැති මඩකලපුව ප්‍රදේශයේ පදිංචි අයෙක්.

කකුලේ තිබූ රෝගී තත්ත්වයක් සුවපත් කර ගැනීම සඳහා අදාළ පුද්ගලයා සිය සහෝදරිය සමඟ පෙරේදා (06) දින දේවාලයට ගොස් ඇති අතර, එහිදී මෙම පුද්ගලයා සහ කපුවාගේ බිරිඳ අතර සම්බන්ධයක් ගොඩනැඟී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එය සැලසූ පසු සැකකාර කපුවා විසින් මෙම පහරදීම සිදුකර මෙම ඝාතනය ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

එලෙස පහරදීමෙන් පසු ඔවුන් පැමිණ තිබූ මෝටර් රථයට ද කපුවා විසින් දැඩි අලාභහානි සිදුකර පළාගොස් තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වාකරේ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

WhatsApp Image 2023 12 08 at 12.01.25 PM
WhatsApp Image 2023 12 08 at 12.01.24 PM
WhatsApp Image 2023 12 08 at 12.01.21 PM
WhatsApp Image 2023 12 08 at 12.01.19 PM
WhatsApp Image 2023 12 08 at 12.01.17 PM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු - පොහොට්ටු ප්‍රබලයින් රැසක්ම ඇවිත්
00:52
Video thumbnail
බුද්ධශාසන සභාව හදිසියේම රැස්වෙයි - 2027 සිංහල අලුත් අවුරුදු නැකත් සීට්ටුවත් ලබාදෙයි
02:47
Video thumbnail
යහපාලන කාලේ ශානි අපිත් එක්ක වැඩ කළා - මේ ආණ්ඩුව හොර වැඩ කරන්නෙත් එළිපිට
09:00
Video thumbnail
ආණ්ඩුවෙන් දෙකෙන් පංගුවක් මහණවෙලා හිටපු එවුන් - මේකේ ඉදලා ශාසනයම කාලා ගිය එවුන්..අද බනිනවා මුන්
01:39
Video thumbnail
ඉතාලි තානාපතිවරයා, ඇමති වසන්ත හමුවෙයි
01:34
Video thumbnail
බිරිඳගේ උපන්දිනයට සැමියා ගමටම දීපු එළවලු දන්සල
01:05
Video thumbnail
ගම්වලට බවුසර් මගින් පානීය ජලය බෙදාහැරේ
00:55
Video thumbnail
සර්වජන බලයේ මාධ්‍ය ලේකම් නාමල් එක්ක අත්වැල් බැඳගනී
00:25
Video thumbnail
නෑ නෑ.. ඒ මගේ කොල්ලා නෙමෙයි
00:43
Video thumbnail
SLFP 75ස් වෙනි සංවත්සරයේ අපේ ජයග්‍රහයණවලින් බිඳක් හෙළිකරනවා - මේවා මේ ආණ්ඩුවේ සැලසුම් නෙවෙයි
09:30