විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සුදු සහ කළු පැහැති මෝස්තරයක් සහිත සාටකයක් පැළඳ විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට සහභාගිවීම සදහා පාර්ලිමේන්තුවට පැමිණ තිබුණා.
ලෝකයට, මැදපෙරදිගට සාමය ප්‍රාර්ථනා කිරීම සඳහා ඔහු මෙලෙස සාටකයක් පැළඳ පැමිණියා.
මෙහිදී අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා පැවසුවේ ලෝකයට මැදපෙරදිගට සාමය සහ ආරක්ෂාව ප්‍රාර්ථනා කිරීම සඳහා මෙම සාටකය පැළඳ පැමිණි බවයි.
ඔහු මෙසේද පැවසීය.
දෙපැත්තේම සිවිල් ප්‍රජාව කේන්ද්‍ර කර ගත් ප්‍රහාර අපි ප්‍රතික්ෂේප කරනවා . මවුවරුන් දරුවන් සිවිල් පුරවැසියන් මිය යෑම ඝාතනය වීම සමූල ඝාතන සංහාර ප්‍රතික්ෂේප කරනවා. ලෝක සාමය ඇතිවුණොත් තමයි ලෝක ස්ථාවරත්වය ඇතිවෙන්නේ. ඒක තමයි යථාර්ථය. අපි ලෝක සාමය ආරක්ෂාව වෙනුවෙන් හැමවිටම පෙනී සිටිනවා. ඒක තමයි අපේ ප්‍රතිපත්තිය.