බන්ධනාගාර බස් රථයක් රැඳවියන් සමඟ අනතුරට ලක්වෙයි

යාපනය මහනුවර ඒ-9 ප්‍රධාන මාර්ගයේ පූනෑව,කුඹුගොල්ලෑව ප්‍රදේශයේ එකම ස්ථානයකදී අද (07) උදැසන රිය අනතුරු දෙකක් සිදුවීමෙන් තිදෙනෙකු තුවාල ලබා ඇති බව පූනෑව පොලිසිය පවසයි.

අනුරාධපුරය බන්ධනාගාරයේ සිට වවුනියාව දෙසට ගමන්ගත් බන්ධනාගාර බස් රථයේ රියදුරුට නින්දයාමෙන් බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අනතුර සිදුව තිබේ

කෙසේ වෙතත් එම අනතුරින් බස්රථයේ සිටි රැඳවියන් කිසිවෙකුටත් හානි සිදුව නොතිබු අතර, බන්ධනාගාර බස් රථයේ සිටි රැඳවියන් වෙනත් බස් රථයකින් වවුනියාව බන්ධනාගාරයට රැගෙන ගොස් තිබිණ.

මේ අතර අදාළ අනතුර සිදුවු ස්ථානයේදීම වවුනියාව දෙස සිට මැදවච්චිය දෙසට පෞද්ගලික ආයතනය සේවකයින් පිරිසක් රැගෙන ගිය බස් රථයක්, මැදවච්චිය සිට වවුනියාව දෙසට ගමන්ගත් ටිපර් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව තිබිණි.

අනතුරින් බස් රථයේ ගමන්ගත් තිදෙනෙකු තුවාල ලබා මැදවච්චිය රෝහලට ඇතුළත් කොට ඇති බවද පූනෑව පොලිසිය පැවසූහ.
අනතුර හේතුවෙන් යාපනය නුවර ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනයටද මඳ වේලාවක් බාධා එල්ලවි තිබුණු අතර අනතුර සම්බන්ධයෙන් පූනෑව පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
3
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?